2 May 2024

මැයිදින රැලිවලට ඩ්‍රෝන යානා භාවිතාකරනවානම් අවසර ලබාගත යුතුමයි – පොලිසිය

ලෝක කම්කරු දිනය වෙනුවෙන් හෙට (01) දිනයට පැවැත්වීමට නියමිත පෙළපාලි, රැළි සහ සැමරුම් උත්සව සඳහා ඩ්‍රෝන කැමරා භාවිතා කිරීමේදී නිසි අවසර ලබා ගත යුතු බව පොලිසිය පවසයි.

කම්කරු දිනයට බාර් වැසේ

ලෝක කම්කරු දිනය වෙනුවෙන් හෙට (01) දින සියලුම සිල්ලර මත්පැන් අලෙවි කිරීමේ ස්ථාන අද (30) රාත්‍රියේ සිට මැයි 02 වනදා විවෘත කරන වේලාව දක්වා වසා තබන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

ගමනාන්ත 49ක් සංචාරක කලාප ලෙස නම් කර ගැසට් කිරීමට කටයුතු සූදානම් – රාජ්‍ය අමාත්‍ය ඩයනා

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

රනිල් – සජිත් කවදාවත් එකතු වෙන්නේ නෑ – මන්ත්‍රී තිස්ස අත්තනායක

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා එකතු වී මෙවර ජනාධිපතිවරණයට පැමිණිමට ඉඩකඩ තිබෙන බව අනුර කුමාර දිසානායක මහතා ස්විඩනයේදී ප්‍රකාශ කර ඇති බවත් රනිල් සජිත් එකතුවක් කිසිසේත් සිදුනොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ස.ජ.බ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසයි.

ඉදිරි මාස තුන තුළ ආර්ථිකය තවත් ශක්තිමත් වෙනවා – රාජ්‍ය ඇමැති ෂෙහාන්

ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවට ජය ගනු හැකි වේදැයි සියලු පාර්ශ්ව තුළ තිබූ සැකය අද වන විට පහව ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

නිදහස් පක්ෂයේ මැයි රැලිය ගම්පහදී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින රැළිය මැයි 01 වැනිදා ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

කුරුඳු වගාව නැවත රට තුළ ව්‍යාප්ත කිරීමට සැලසුම් ඇති බව ජනපති පවසයි

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පක්ෂ 14 ක් එකතුවෙන් පොහොට්ටුවේ මැයි රැළිය බොරැල්ල කැම්බල් පිටියේදී

පක්ෂ 14 ක්ගේ එකතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළිය මැයි 01 සවස 02.00 ට බොරැල්ල කැම්බල් පිටියේදී පවත්වනු ලබන බව පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ඖෂධ හා රූපලාවන්‍ය කර්මාන්ත සංවර්ධනයට නව උපදේශන කමිටු සාමාජිකයින් පත්කෙරේ

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආංශික උපදේශණ සභා 20 අතරින් ඖෂධ ආංශික උපදේශණ සභාවේ හා රූපලාවන්‍ය ආංශික උපදේශන සභාවේ සභාපතිවරුන් හා කමිටු සාමාජිකයන් හට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (29) කර්මාන්ත අමාත්‍යාංශයේදි සිදුකෙරින.