3 May 2024

නොර්වේ තානාපතිනිය සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක්

නවදිල්ලියේ නොර්වේ තානාපතිනි May-Elin Stener මහත්මිය සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (02) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.

බහු පාර්ශ්වික ණය ඩොලර් බිලියන 2.5ක් වාර්ෂිකව ගෙවනවා – ඇමැති සියඹලාපිටිය

විදේශ ණය ගෙවීම නිල වශයෙන් අත්හිටුවා තිබුණ ද ඩොලර් බිලියන 2.5ක පමණ මුදලක් මේ වන විටත් වාර්ෂිකව ගෙවා දමමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

චීනය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් කඩිනම් කිරීමට පියවර

ශ්‍රී ලංකාවේ චීන තානාපති චි ෂෙන්හොන්ග් (Qi Zhenhong) අද (02) කොළඹ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වීය.

මහවැලි අධිකාරිය සතු ඉඩම්වල නීතිවිරෝධී වැඩ බෑ – රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත

මහවැලි අධිකාරිය සතුව පවතින ඉඩම්වල කිසිදු නීතිවිරෝධී ක්‍රියාවක් සිදු කිරීමට ඉඩ‌ නොතබන බව වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා පවසයි.

ජිවත්වීමේ ආයුධ කාලය අනුව අපි ඇමෙරිකාවටත් වඩා වසරක් උඩින් – ඇමැති වෛද්‍ය රමේෂ්

මිනිසාගේ ජීවත්වීමේ ආයු කාලය අනුව අපි ඇමෙරිකාවටත් වඩා වසරක් උඩින් ඉන්නා බව සෞඛ්‍ය හා වැවිලි කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

ඊළඟ මැයි දිනයේදී ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්.. – අනුර දිසානායක

දූෂිත ප්‍රභූ තන්ත්‍රය යටතේ පවත්වන අවසාන මැයි රැලිය මෙය බවත් ඊළඟ මැයි දිනයේදී ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ හමුවෙමු යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Southern MICE Expo 2024 සංවිධානය කෙරේ

Southern MICE Expo 2024 ප්‍රදර්ශනය එළැඹෙන මැයි 27 දින සිට 31 දින දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

බඹරකිරි ඇල්ල ප්‍රදේශයේ පරිසර හානියක්

මාතලේ රත්තොට රිවස්ටන් මාර්ගයේ සුන්දර බඹරකිරිඇල්ල නැරඹිමට යන සංචාරකයින්ගේ නොසැලකිල්ල නිසා මේ වන විට බඹරකිරි ඇල්ල ප්‍රදේශයේ පරිසර හානියක් සිදුවන බව ප්‍රදේශවාසිහු පවසයි.

රනිලුත් පක්ෂයත් ලෝක වාර්තා තැබු බව මන්ත්‍රී වජිර කියයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියන්නේ ලෝක වාර්තාවක් තියපු නායකයෙක් බවත් මේ පක්ෂයත් ලෝක වාර්තාවක් තියපු දේශපාලන පක්ෂයක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

දකුණුට වයඹට ආණ්ඩුකාරවරු පත් කෙරේ

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ද, වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස නසීර් අහමඩ් මහතා අද (02) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.