5 May 2024

අර්ථ සාධක අරමුදලට සමාන අරමුදලක් සමගි ජනබලවේග ආණ්ඩුවෙන් සකස් කරනවා – මන්ත්‍රී හෙක්ටර්

ආර්ථ සාධක අරමුදල සම්පූර්ණයෙන් වෙනස් කර අවිධිමත් ආකාරයට වැටුප් ලබන පිරිස වෙනුවෙන් සහ විධිමත් ආකාරයට වැටුප් ලබන පිරිස වෙනුවෙන් විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට සමගි ජනබලවේග ආණ්ඩුවක් තුළින් කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසයි.

ගාසාහි ළමා අරමුදලට මාවනැල්ල සහිරා විද්‍යාලයෙන් රුපියල් ලක්ෂ 33ක්

ගාසාහි ළමා අරමුදල වෙනුවෙන් මාවනැල්ල සහිරා විද්‍යාලය විසින් රුපියල් ලක්ෂ 33ක මුදලක් ලබාදී තිබෙන අතර ඊට අදාළ චෙක්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මුදල් අමාත්‍යාංශයේ දී අද (03) බාර දුන් බව ජනාධීපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපතිවරයා සාහසික ලෙස මැතිවරණ නීති උල්ලංඝනය කරනවා – මන්ත්‍රී ඩලස්

ජූලි 17 වෙනිදා සිට ජනාධිපතිවරණ නීතියත් ක්‍රියාත්මක බවත් එවැනි පසුබිමක වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව උත්සහා ගන්නේ මැතිවරණ සමබිම ප්‍රතිවාදී අපේක්ෂකයන්ට අහිමි කිරීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පේරුම මහතා පවසයි.

ගෑස් මිල පහලට

LAUGFS සමාගම සහ ලිට්‍රෝ සමාගම සිය ගෑස් මිල අද (03) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල සංශෝධනය කර තිබෙනවා.

නෝර්වේ තානාපතිනිය විපක්ෂ නායක සජිත්  හමුවෙයි

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ මෙරට නෝර්වේජියානු තානාපතිනි May Elin Stener මහත්මිය සහ නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් Johan Bjerkem අතර සුවිශේෂී හමුවක් ඊයේ (02) සිදු විය.

රුපියල ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන මුදල් ඒකකයක් – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

ලෝකයේ වේගයෙන් ම වර්ධනය වන මුදල් ඒකකයක් බවට රුපියල අද වන විට පත්ව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

විභාග අපේක්ෂකයින් වෙනුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හෙට විවෘතයි

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් හෙට (04) දින පෙරවරු 8.30 සිට පස්වරු 1.00 දක්වා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය,ගාල්ල කුරුණෑගල වවුනියාව මඩකලපුව හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල විවෘතව තැබේ.

ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පස් දෙනෙකුට ජනාධිපති බහුමාන

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පස් දෙනෙකු සඳහා “ජ්‍යෙෂ්ඨ උපදේශන නීතිඥ බහුමානය” ප්‍රදානය කර තිබේ.

සජබ මැයි දින සැමැරුම ජනාධිපතිවරණයට හොද ආරම්භයක් – මන්ත්‍රී කාවින්ද ජයවර්ධන

ජනාධිපතිවරණයට පෙර සාර්ථක මැයි දිනයක් පැවැත්වීමට සමගි ජනබලවේගයට හැකි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

ආචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලාංකික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වන ආචාර්ය නලින් ද සිල්වා මහතා ඊයේ (02)  අභාවප්‍රාප්ත විය.