6 May 2024

DFCC බැංකුව අනාගත පරපුර වෙනුවෙන් Pinnacle Junior හඳුන්වා දෙයි

DFCC බැංකුව, තම සුවිශේෂි ගනුදෙනුකරුවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති DFCC Pinnacle සේවාවෙහි සාමාජිකත්වය හිමි පුද්ගලයන්ගේ දරුවන් වෙනුවෙන් DFCC Pinnacle Junior නමින් නව ළමා ගිණුමක් හඳුන්වා දී තිබේ.

බියගම උදාහරණයට ගෙන ඉදිරි වසර කිහිපය තුළ රටම සංවර්ධනය කරනවා – ජනපති

බියගම උදාහරණයට ගෙන ඉදිරි වසර කිහිපය තුළ රටම ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රසකැවිලි කර්මාන්තය ප්‍රමුඛ අපනයන ක්ෂේත්‍රයක් කිරීමට රාජ්‍ය අනුග්‍රහය දෙනවා – ජනපති

රසකැවිලි කර්මාන්තය ප්‍රමුඛ අපනයන ක්ෂේත්‍රයක් බවට පත් කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

විදුහල්පති ගැටලු‍වලට විසඳුම් සම්බන්ධ අමාත්‍යාංශ කමිටු වාර්තාව එළි දකී

විදුහල්පති සේවයේ මෙතෙක් නොවිසඳී පැවැති ගැටලු‍ විසඳීමට සහ එම සේවාවේ වෘත්තීය ස්වභාවය උසස්කොට අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ගැළපෙන ලෙස සංවර්ධනය කිරීමට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව අමාත්‍යවරයා වෙත භාර දී තිබේ.

හදිසි අනතුරින් රාජ්‍ය අමාත්‍ය සනත් මරුට

කටුනායක අධිවේගී මාර්ගයේ අද (25) අලුයම සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මියගොස් ඇති බව පොලිසිය පවසයි.

ධීවර ජනතාවගේ සෞඛ්‍ය සුබසාධනයට  ‘ධීවර සුව සවිය’ ආරම්භ කරනවා – රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත 

මෙරට ධීවර ජනතාවගේ සෞඛ්‍ය සුබසාධනය නඟාසිටුවීම වෙනුවෙන් ‘ධීවර සුව සවිය’ නමින් නව වැඩසටහනක් ආරම්භ කරන බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පවසයි.

සියයට අනුවක්වම අසත්‍ය ප්‍රකාශ කරන්නේ සමාජ මාධ්‍ය බව මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන කියයි

සමාජ මාධ්‍ය තුළින් සත්‍ය ඉදිරිපත් වන්නේනම් ඉතා වැදගත් බවත් නමුත් අසත්‍ය සත්‍ය බවට පත්කරමින් විශාල වශයෙන් අසත්‍ය ප්‍රචාරය ඒ තුළ සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

නියංගොඩ මහ විද්‍යාල පරිශ්‍රය කිතුල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට සැලසුම්

දැනට භාවිතයට නොගන්නා නියංගොඩ මහ විද්‍යාල පරිශ්‍රය කිතුල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භකිරීම සදහා වන මූලික සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාරවර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පසුගිය 22 වනදා පැවැත්විය.

Wajira TTVnews

තාක්ෂණයේ දියුණුවත් සමග ශ්‍රී ලාංකික ශිෂ්ටාචාරය විනාශ වෙනවා – මන්ත්‍රී වජිර අබේවර්ධන

තාක්ෂණයේ දියුණුවත් සමග ඇතිවන ක්‍රියාවලිය කිසිදු පාලනයකින් තොරව, විශේෂයෙන් අපේ ශ්‍රී ලාංකික ශිෂ්ටාචාරය විනාශ වෙන තැනට ගමන් කරලා තිබෙන බව  එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ  අද (24) දින පාර්ලිමේන්තුවේදී පැවැති විවාදයට එක්වෙමිනි.