16 May 2024

ශ්‍රී ලංකා – උගන්ඩා ජනපතිවරු හමු වෙති

උගන්ඩාවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උගන්ඩා ජනරජයේ ජනාධිපති යොවේරි මුසෙවේනි (Yoweri Museveni) මහතා අතර නිල හමුව ඊයේ (20) පස්වරුවේ සිදු විය.

මාතර, කඹුරුගමුව “අපේක්ෂා පියස” පිළිකා රෝගී ප්‍රතිකාර වාට්ටුව විවෘත කෙරේ

පිළිකා රෝගී ප්‍රතිකාර සේවාවන් ඉහළ නැංවීම අරමුණු කරගෙන මාතර, කඹුරුගමුව “ලැබීම” නව දිස්ත්‍රික් මහ රෝහලේ රුපියල් මිලියන 80 ක වියදමින් ඉදිකළ “අපේක්ෂා පියස” පිළිකා රෝගී ප්‍රතිකාර වාට්ටුව ඊයේ (20)‌ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.

ගංවතුරෙන් හානියට පත් කුඩා ඇළවේළි හදන්න රුපියල් මිලියන 500ක් – ගොවි සංවර්ධන දෙපාර්තමේන්තුව

පසුගිය මහ කන්නය තුළ ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව නිසා ඇති වූ ගංවතුර හේතුවෙන් හානි වු කුඩා ඇළවේලි යලි සකස් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 500 ක් වෙන් කර ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

උගන්ඩාවේ පැවැත්වවන NAM අමාත්‍ය රැස්වීමට සමගාමීව විදේශ අමාත්‍යවරුන් හමුවක්

NAM අමාත්‍ය මණ්ඞල රැස්වීමට සමගාමීව උගන්ඩාවේ විදේශ අමාත්‍ය හමුව සඳහා මෙරට නියෝජනය කර විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සහභාගි වී ඇත.

අතරමග නැවතී ඇති සියලූම සංවර්ධන යෝජනා ක්‍රම පෙබරවාරි මාසයේදී අරඔනවා – ඇමැති බන්දුල

ශ්‍රී ලංකාවේ විදෙස් ණය හිමියන් සමඟ සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ අවසන් ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුව පෙබරවාරි මාසයේ සිට සියලූම සංවර්ධන යෝජනා ක්‍රම ආරම්භ කරන බව ප්‍රවාහන,මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ජනපති, විපක්ෂයේ මන්ත්‍රිවරු බිලිබා ගන්න හදනවා – විපක්ෂ නායක සජිත්

රටේ බදු මුදල් වියදම් කර ලෝක සවාරි යන්න ජනාධිපතිවරයා විසින් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පවා ආරාධනා කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අගමැතිධූරය වෙනස් කිරීමේ කිසිඳු අවශ්‍යතාවයක් නැහැ – ඇමති ප්‍රසන්න

අගමැතිධූරය වෙනස් කිරීමේ කිසිඳු අවශ්‍යතාවයක් මේ මොහොතේ රජයට නොමැති බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක,නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මෙම වසරේ පළමු “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායනය ගාල්ල ඇත්කඳුර සීවලී විද්‍යාලයේ දී

මුළු දිවයිනම ආවරණය වන පරිදි පවත්වනු ලබන “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායන වැඩසටහන හෙට (20) ගාල්ල ඇත්කඳුර සීවලී මහා විද්‍යාලයේ දී (වැලිවිටිය දිවිතුර) පැවැත්වීමට නියමිතයි.

ජෝර්දාන් ඇගළුම් ශ්‍රමික ගැටළුව විසදන්න විශේෂඥ නීතීඥයින්ගේ සහාය – විදේශ සේවා නියුක්ති කාර්යාංශය

ජෝර්දානයේ අසිල් යුනිවර්සල් සහ හයි ඇපරල් යන ඇඟලුම් කර්මාන්තශාලා වසා තැබීම නිසා එහි සේවකයන් ඉවත් කිරීම හේතුවෙන් ඇති වී තිබෙන ගැටළුවට කඩිනම් විසඳුම් ලබාදීම සඳහා ජෝර්දානයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය හා එහි කම්කරු සුභසාධන අංශය මැදිහත්වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මාලදිවයින් කතානායකවරයා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

මාලදිවයින පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් අස්ලාම් මහතා හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් ඊයේ (18) දින අරලියගහ මන්දිරයේදී සිදුවු බව අගමැති මාධ්‍ය අංශය පවසයි.