8 May 2024

සජිත්ගේ විරෝධතාවයට අධිකරණයෙන් තහනමක්.. විරෝධතාවය කරන්න සියල්ල සුදානම්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, SJB පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, මුජිබර් රහුමාන් ඇතුළු පිරිසකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (30) නියෝගයක් නිකුත් කර තිබේ.

කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ මත්ස්‍ය ආහාර ධීවර නිෂ්පාදන කාර්යාලයක් විවෘත කෙරේ

දේශීය මත්ස්‍ය ආහාර අපනයනකරුවන්ගේ පහසුව තකා කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපල පරිශ්‍රයෙහි මත්ස්‍ය ආහාර ධීවර නිෂ්පාදන තත්ව පාලන අංශයේ නව කාර්යාල සංකීර්ණයක් පසුගිය (26) දින විවෘත කෙරේ.

දේශපාලන මතභේද, වාදයට පමණක් සීමා කළ යුතුයි – අගමැති

දේශපාලන මතභේද, වාදයට පමණක් සීමා කළ යුතුයි අතර දේශපාලන නායකත්වයට රාජ්‍ය සේවකයින්ගේ සහයෝගය ලබා දිය යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

සනත් නිශාන්තයන්ගේ පිටකවරය කියවු මිනිස්සුන් ඔහුට අපහාස කලා – මන්ත්‍රී විමලවීර

සනත් නිශාන්තයන්ගේ ජිවිත කතාවේ පිටකවරය කියවු මිනිස්සුන් ඔහුට අපහාස කල බවත් ඔහු ව්‍යාපාරික පවුලක කෙනෙක් වන අතර ඔහුගේ පවුල දේශපාලනය වෙනුවෙන් ලේ පුජා කරපු මිනිස්සු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පවසයි.

ආණ්ඩුව ප්‍රතිත්‍රස්ථ පනත ගෙනැවිත් තිබෙන්නේ ජනතාව පාලනය කිරීමටයි -මන්ත්‍රී රංජිත් 

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සහ ප්‍රතිත්‍රස්ථ පනත හරහා නැති කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

රාජපක්ෂ ආර්ථික ත්‍රස්තවාදීන්ගෙන් රට මුදවා ගමු – විපක්ෂනායක සජිත්

රටේ ජනතාව ගැටලු රාශියක් මැද ජීවත් වන බවත් එයට හේතුව දේශප්‍රේමීත්වයේ නාමයෙන් බලයට පත් වූ රාජපක්ෂ පවුල ජනතාව ගොදුරක් කර ගෙන අත්තනෝමතිකව හැසිරීම නිසා බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“කඳුකර දශකය” දිස්ත්‍රික්ක 10 ක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා – ඇමති ප්‍රසන්න

කඳුකර දශකය වැඩසටහන මෙම වසර තුළ දිස්ත්‍රික්ක 10 ක ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව නාගරික සංවර්ධ හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

වලස්මුල්ල මුලික රෝහලේ නව රුධිර බැංකුව ජනතා අයිතියට

හම්බන්තොට, වලස්මුල්ල මූලික රෝහල් පරිශ්‍රයේ රුපියල් මිලියන 04 කට අධික සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත ස්ථාපිත කළ අංග සම්පූර්ණ ලේ බැංකුව ජනතා අයිතියට පත් කිරිම සහ දැඩි සත්කාර ඒකකයට රුපියල් මිලියන 20 ක වටිනාකමකින් යුතු වෙන්ටිලේටර් යන්ත්‍ර 02 ක් ලබාදීම පසුගියදා සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

ලොහාන් රත්වත්තෙට රාජ්‍ය ඇමැති ධුරයක්

වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තෙ මහතා අද (29) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.