16 May 2024

තරුණ පිරිස් අවධානමක් ගන්න කැමැති නෑ – ගෝඨාභය කියයි

අද තරුණ පිරිස් අවධානමක් ගෙන දියුණු වන්නට කිසිදු කැමැත්තක් නොමැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා කොළඹ පැවැති සම්මන්ත්‍රණයක් අමතමින් කියා සිටියේ රටේ ජනතාව දිළිඳු බවින් ඉවත් නොවන්නේ නම් එම සංවර්ධයෙන් පලක් නොමැති බවයි.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ ජංගම සේවය හෙට මාතරදී

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද 2019 අයවැය මගින් තවදුරටත් ශක්තිමත් කර ඇති එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මගින් ව්‍යවසායකයන් බිහිකිරීම කඩිනම් කිරීමේ දීපව්‍යාප්ත වැඩපිළිවෙළක් ලෙස දිවයින පුරා ජංගම සේවා පැවැත්වීමට තීරණය කර ඇත.

ජවිපේ 20ට එජාපයේ කැමැත්ත

20වැනි සං‌‌ශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනතා විමුක්ති ‌පෙරමුණේ නායකයින් සහ එක්සත් ජාතික පක්ෂ නායකයින් අතර හමුවක් අද (22) පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේදී සිදුවිය.  ජවිපෙ නියෝජනය කරමින් අනුර දිසානායක, විජිත ‌හේරත්, ‌‌වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මන්ත්‍රීවරුන් සහභාගි විය. 

ජනතාව අතරට ගොස් ප‍්‍රශ්න විසඳීමේ කි‍්‍රයාවලිය සාර්ථකයි – ඇමති චම්පික

රටේ මිනිස්සු බිය වැද්දීම තමන්ගේ දේශපාලනය කර ගත් පිරිස් සංවර්ධන කි‍්‍රයාවලියට බොරු චෝදනා කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් සිදු කරනු ලබන දීප ව්‍යාප්ත ජනපියස ජංගම සේවා වැඩසටහනේ ගම්පහ දිස්ත‍්‍රික් වැඩසටහනට සහභාගී වෙමින්.

එජාප මැයි දින රැළිය කොළඹදී

එක්සත් ජාතික පක්‍ෂයේ මැයි දින රැළිය කොළඹදී පැවැත්වීමට ඊයේ (21) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය වී ඇත. එක්සත් ජාතික පක්‍ෂයේ වෘත්තිය සමිති කටයුතු පිළිබඳ ලේකම් පාර්ලිමේන්තු මන්ති‍්‍ර පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසුවේ කම්කරුවාට නිසි තැන හිමිවන යුගයක් නිර්මාණය වෙමින් පවතින මොහොතක, මෙවර කම්කරු දිනයේදී වැඩකරන ජනතාව එක්සත් ජාතික පක්‍ෂය සමග එක්වීමට සූදානම් බවයි.

විදුලි කප්පාදුවක් නැහැ….. – විෂයභාර ඇමැති කියයි

පවතින දැඩි උෂ්ණත්වය හමුවේ විදුලිය ඉතාමත් අරපිරිමැස්මෙන් භාවිත කර ජනතාවට අපහසුතාවක් ඇති නොවන අයුරින් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට අපට සහාය වන ලෙසත් ඉදිරියේදී විදුලිබල ක්ෂේත්‍රයේ මෙවැනි තත්ත්වයන් ඇති නොවීමට අප අවශ්‍ය සැලසුම් සකස් කරන බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

යල කන්නයේ කුඹුරු හෙක්ටයාර් ලක්ෂ 05ක් වගා කිරීමේ සුදානමක්

මෙවර යල කන්නයේදී කුඹුරු හෙක්ටයාර් ලක්ෂ 05ක් වගා කිරීමට තම අමාත්‍යාංශය අපේක්ෂා කරන බවත්,ඒ සඳහා අවශ්‍ය වන පොහොර මාර්තු අග වන විට ගබඩා කර තබන්නැයි කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා ලක් පොහොර සමාගමේ සභාපති සෝමචන්ද්‍ර ජයකොඩි මහතාට දැනුම් දීමක් කර තිබේ.

අනුර – රනිල් හමුවක් හෙට

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා හෙට (22) දින පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.

දකුණු පලාතේ වැඩබලන විදුහල්පතිවරුන්ට දීමනාවක් – ආණ්ඩුකාර කිර්ති

දකුණු පළාතේ සියළුම වැඩ බලන විදුහල්පතිවරුන් සදහා ‘විදුහල්පති දීමනාව‘ ලබාදීමට කටයුතු කරන බව දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

සෑම දිස්ත්‍රික්කයකම,මැතිවරණ කොට්ඨාශයක් සඳහා එක් ඔසුසලක්

කෙටිකාලීන සහ මධ්‍යකාලීන සැළැස්මක් යටතේ ඔසුසල ශාඛා ජාලය පුළුල් කරන ලෙස ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය එම්.එච්.එම් රූමි මහතා වෙත සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් උපදෙස් ලබා දී තිබේ.