8 May 2024

මහින්දට 125 ක බහුතර බලයක් ……!

නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළ මහින්ද රාජපක්ෂ හට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. පාර්ලිමේන්තුවේ 125 ක බහුතර බලයක් මහින්ද රාජපක්ෂට හිමිව ඇත. තම පිරිස වැඩි කර ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ පසුගිය දින කිහිපයේදීම කටයුතු කර ඇති අතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ හිත දිනා ගැනීමේ කටයුතු සිදු කර ඇති බව වාර්තා වන්නේ.

පාර්ලිමේන්තුව මාසයක් කල් දාන ගැසට් එකක්….!

රටේ පවතින තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව මාසයක කාලයක් කල් දැමීම සඳහා වු ගැසට් පත්‍රයක් නිකුත් කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සුදානමක් පවතින බව වාර්තා වේ. ජනාධිපති ලේකම් කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කර සිටියේ පාර්ලිමේන්තුව තුළ යම් අස්ථාවර තත්ත්වය යම් තාක් දුරට අඩු කිරීම සඳහා මෙම පියවර ගන්නා බවයි.

මමයි අගමැති – රනිල් කියයි

තවදුරටත් ශ්‍රී ලංකා රජයේ අග්‍රාමාත්‍යවරයා තමා බව රනිල් වික්‍රමසිංහ පවසයි. ඒ මහතා අද (26) අරලියගහ මන්දිරයේදී හදිසි මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ තමාට පාර්ලිමේන්තුවේදි බහුතරය තමාට ඇති බවයි. තවදුරටත් තමා අගමැති ධුරයේ සිටින බවත් ව්‍යවස්ථාවට අනුකුලව කටයුතු වලදී තමා තවදුරටත් අගමැතිවරයා බව වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

නැකත හැදුවේ ඉන්දියාවෙන්……! ඇමැති පුටු 25 යි…!

නව අග්‍රාමාත්‍ය ධුරයේ මහින්ද රාජපක්ෂගේ දිවුරුම් දීම සිදු වී ඇත්තේ ඉන්දියාවේ ජ්‍යෙතිෂ්‍යවේදීයෙකු විසින් සදන ලද නැකත් වේලාවකදී බව ඔහුගේ සමිපතම දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේය. එම ආරංචි මාර්ග කියා සිටියේ මේ සම්බන්ධ සාකච්ඡා වට කිහිපයක්ම ජනාධිපති මෛත්‍රිපාල හා හිටපු ජනාධිපති මහින්ද පැවැත් වු බවයි.

එජාප මන්ත්‍රිවරුන් – රනිල් එන කල් අරලියගහ මන්දිරයේ

අගමැති ධුරය මහින්ද රාජපක්ෂ හට හිමිවීමත් සමඟ කැලඹිමට පත් වු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් මේ වන විට අරලියගහ මන්දිරයට ගොස් තිබේ. ඉදිරියේදී කල යුත්තේ කුමක් සිදු වුයේ කුමක් දැයි සම්බන්ධයෙන් ද පක්ෂයක් වශයෙන් ඉදිරියට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ගොස් ඇති බව විශ්වාස කටයුතුආරංචි මාර්ග කියා සිටියේය.

සරත් නිසා මෛත්‍රි – රනිල්ට උන්හිටි තැන් අහිමි කරයි ……!

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළැයි කියන සිද්ධියට අදාළව ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට උපදෙස් ලබා දී ඇති බව මේ වන විට ඔප්පු වී ඇති බව වාර්තා වේ.

අගමැති ලෙස හිටපු ජනපති දිවුරුම් දෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දී ඇත. මීට පැයක පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දී තිබේ. 

එජනිස ආණ්ඩුවෙන් ඉවතට

එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඊට අදාළ තීරණය කථානයකවරයා වෙත යැවූ බව මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.

මහින්ද .. බුද්ධි අංශය කියලා කොටින්ට වැටුප් දුන් බව ඇමැති පාඨලි කියයි

එදා රාජපක්ෂ ආණ්ඩුව කාලයේදී දාහකට ආසන්න ප‍්‍රමාණයක් හමුදා බුද්ධි අංශවලට බඳවාගෙන මාසික පඩියක් කොටින්ට සහ ඔවුන්ගේ සන්නද්ධ අංශවලට දුන් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

පක්ෂ දෙකටම උපදෙස් ලබා දෙන්න ඕන – ඇමැති රාජිත කියයි

අමාත්‍ය මණ්ඩලයට උපදෙස් ලබාදීම සදහා එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළපුරුදු දේශපාලනඥයින්ගෙන් සැදුම්ලත් උපදේශක මණ්ඩලයක් පත් කළ යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.