19 May 2024

ෆොන්සේගෙන් උපදෙස් ගත් බව DIG නාලකගෙන් CIDයට ප්‍රකාශයක්

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්මේතන්තුවට පසුගිය 18 වැනිදා සිට ඊයේ දක්වා සිට දින පහක කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කර ගෙන ඇත.

මිනිස් වෙළදාම්කරුවන්ට එරෙහි නීති දැඩි වේ

මිනිස් වෙළදාමේ යෙදෙන විදේශ රැකියා නියෝජිතායතන වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ‌ලෙස විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයට උපදෙස් ලබාදී ඇත.

සියළු දෙනා විසුරුවා හැර භාරකාර ආණ්ඩුවක් බිහි කළ යුතුයි …. පුජ්‍ය රතන හිමි කියයි !

මේ වන විට රටේ ඇතිව ඇති තත්ත්වය හමුවේ තාවකාලිකව හෝ භාරකාර ආණ්ඩුවකට යා යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසයි.  උන්වහන්සේ මේ බව පැවසුවේ ඊයේ (25) රාජගිරිය සදහම් අසපුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

DIG නාලක රිමාන්ඩ්

ජනාධිපතිවරයා , හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයකු ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති කෞෂාල් නාලක ද සිල්වා මහතා ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (25) නියෝග කළාය.

ජනපති යෝජනා කළ 4 න් 2 කට අනුමැතිය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (25) ප.ව.1.30ට කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු වී පවතින විනිශ්චයකාර ධූරයන්ට පත් කිරීම පිලිබඳව දීර්ඝ වශයෙන් සලකා බලා ඇති බව කථානායක කාර්යාලය පවසයි.

බැනුම් ඇහුව කාලේ ඇති – ඇමැති දුමින්ද

දැන් ආණ්ඩුව බැනුම් ඇහුව කාලේ ඇති බවත් ඉතුරු කාලෙවත් කොහොමද බැනුම් නොහා යන්නේ කියා බලන බව වාරි මාර්ග ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒකාබද්ධය ඇතුළේ කචල් – ඇමැති ගයන්ත කියයි

ඒකාබද්ධ විපක්ෂයේ අද විශාල පිපිරීම හා අසමගියක් ඇතිවී ඇතිබව ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි. අමාත්‍යවරයා කියා සිටියේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර කිසිම මත ගැටුමක් නොමැති බවයි.

රනිල් එලවලා මහින්ද ගෙන්න එපා – ජවිපෙ අනුර කියයි

තවත් දුෂිතයන්ට ඉඩකඩ ලබා නොදෙමින් ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ජනතාව පෙළගස්වන්නේ දුෂිතයින් වෙනුවට දුෂිතයින් කැඳවන දේශපාලනයකට නොවන බව රටේ ජනතාවට සහතික කරන බව එම පක්ෂයේ නායක අනුර දිසානායක මහතා පවසයි.

සැහැල්ලු දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට සැලසුම්

පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන ජනතාවගේ සුභ සිද්ධිය සදහා සැහැල්ලු දුම්රිය පද්ධතියක් හදුන්වා දීමට රජය සැළසුම් කර තිබේ. මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් පවතින අතර මේ යටතේ හදුනා ගත් දුම්රිය මාර්ග හතක් හදුනාගෙන ඇත.

විග්නේෂ්වරන් අලුත් පක්ෂයක් පිහිටුවයි

තමන් දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වී නව පෙරමුණක් පිහිටුවා ගෙන ඉදිරි කටයුතු සිදු කරන බව ගන්නා බව  උතුරු පළාත් ප්‍රධාන ඇමැති  සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි. තම නායකත්වය යටතේ දෙමළ ජනතා සන්ධානය (තමිල් මක්කල් කූට්ටනි) නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගන්නා බව විග්නේෂ්වරන් මහතා දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා දීමේ බලවේගයක් වශයෙන් කටයුතු කිරිමට මේ නව පෙරමු‍ණ පිහිටුවා ගන්නා […]