8 May 2024

මෛත්‍රි සතෙක් කියන්නත් බෑ… ඊට වඩා පහත්………  මංගල කියයි

අපි දිවි පරදුවට තබා ජනාධිපති කරපු පුද්ගලයාම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබෙනව බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි. පහත් පුද්ගලයෙකු ජනාධිපති වරයා වශයෙන් පත් කිරීමට ගමක් ගමක් ගනේ ගිහින් ජනතාවට දැනුවත් කිරීමට ගැනීම ගැන ජනතාවගෙන් සමාව ඉල්ලන බව ඔහු පැවසිය.

ජනපති හෙට (28) ජාතිය අමතයි

රටේ සිදු වු දේශපාලන වෙනස සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෙට දිනයේදී ජාතිය අමතන බව වාර්තා වේ. අගමැතිවරයා සම්බන්ධයෙන් හා එජාප නායක රනිල් වික්‍රමසිංහගේ ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී කරුණු පැහැදිලි කරනු ඇති බව වාර්තා වනවා.

මට වුණ දේ අනෙක් අයට වෙන්න දෙන්න එපා…. ඒ අයට අවශ්‍ය පහසුකම් දෙන්න … පාරමි කියයි

තමාට රජයෙන් පහසුකම් ලැබුණත් නොලැබුණත් තමා එම ඉලක්කය ජයගැනීමට කටයුතු කළ බව ආජන්ටිනාවේ තෙවැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 2000 බාධක දිවීමේ කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට පාරමී වසන්ති මාරිස්ටෙලා පවසයි.

රාජ්‍ය නිලධාරින්ගේ බය නැති කරන්න ඕන – අගමැති ලේකම්

රාජ්‍ය නිලධාරින් පසුගිය කාලයේදී බය විමෙන් තම රාජකාරි කටයුතු සිදු කළ බවත් ඇතැම් අයගේ අත් පවා වෙව්ලපු අවස්ථා තිබු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පත් කළ නව අගමැති ලේකම් එස්.අමරසේකර මහතා පවසයි.

එජාපයේ 20 ක් මහින්දට සහාය දෙනවා – මන්ත්‍රි ආනන්ද කියයි

මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පාර්ලිමේන්තුවේ බහුතරය සඳහා එක්සත් ජාතික පක්ෂයේ 20 දෙනෙකුගේ සහාය හිමිවන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා පවසයි. අද (27) පදනමේ පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ රට දියුණු කිරිමට රනිල් වික්‍රමසිංහට හැකියාවක් නොමැති බවයි.

නව ආණ්ඩුවට එජාප මන්ත්‍රීවරුන්ට ආරාධනා කරයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව පිහිටුවීම සදහා එක්වන සියලු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සහ අනෙක් පක්ෂවල මන්ත්‍රීවරු හදිසි සාකච්ඡාවක් සඳහා කැදවා ඇතැයි ජනපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

රිෂාඩ් මහින්ද පිලටද….?

අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටළුවත් සමඟ එජාපයේ මන්ත්‍රිවරුන් සහාය දක්වන්නේ කාටද යන්න තීරණයකට එළැඹි තිබේ. එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් ඇමැති ධුරයක් දරමින් සිටින රිෂාඩ් බදුර්දින් මේ වන විට ඉතා රහසිගතව මහින්ද රාජපක්ෂට සහාය දැක්වීමට කටයුතු කරන බව වාර්තා වේ.

පාර්ලිමේන්තුව රැස්වීම ලබන මස 16 වනදා

ජනාධිපතිවරයාගේ බලතල අනුව පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමට නියෝග කර ඇති බව පාර්ලිමේන්තු මහලේකම්වරයා පවසයි. ඒ අනුව නොවැම්බර් මමස 16 වන තෙක් පාර්ලිමේන්තුව රැස්වීම කල් දමා ඇති බව කථානායක කාර්යාලය පවසයි.

බහුතර පෙන්වන්න … අගමැති රනිල් බව මනෝ කියයි

පාර්ලිමේන්තුවේ බහුතරය එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සතු බවත් එය මේ ආකාරයේ කටයුතු කර ආණ්ඩු පෙරළිමට නොහැකි බව මනෝ ගනේෂන් මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේදී අද පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින්.

දිට්ඨ ධම්මවේදය පල දෙනවා ….. හරින් මෛත්‍රිට කියයි

මෛත්‍රිපාල සිරිසේන මහතා එදා පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත්වන විට මහින්ද රාජපක්ෂට දුන්න ආප්පය අද එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහටත් ලබා දුන් බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.