15 May 2024

DFCC බැංකුව 2023 WCIC ප්‍රතිභාභිෂේක කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙලේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි

DFCC බැංකුව මෙරට කාන්තාවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති සුවිශේෂී බැංකු සේවා විසඳුමක් වන ‘DFCC ආලෝකා’, ඉදිරියේදී පැවැත්වීමට නියමිත 2023 WCIC ප්‍රතිභාභිෂේක කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙලේ Diamond Sponsor ලෙස කටයුතු කරයි.

ලන්දේසි යුගයට අයත් අස්ථි කොටස් මාතරින් හමුවෙයි

මාතර කොටුව තුල පිහිටි මැතිවරණ ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ පසුගිය 06 වනදා උදෑසන කාලයේදී විදුලි බල මණ්ඩලයේ නිලධාරින් විසින් විදුලි රැහැන් කණුවක් සිටුවීමට වලක් හාරමින් සිටියදී මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුව ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.

දේශී‍ය ආහාර නිෂ්පාදනය වැට් බද්දට ඇතුළත් කිරීම ගැන යළි සොයා බැලීමක් – මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

දේශීය ආදායම ඉහළ නංවා ගැනීමේ අරමුණෙන් මෙතෙක් වැට් බද්දට යටත් නොවූ භාණ්ඩ 138ක් අතුරින් භාණ්ඩ 97ක් ඉවත් කිරීම පිළිබඳ යළි සොයා බැලීමක් කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

වැට් බද්ද සංශෝධනය කර ජනතාව නොමරා මැරීම වෙනුවට රාජ්‍ය ආදායම වැඩි කරන්න – මන්ත්‍රී ජයන්ත

සියල්ලෙහි මිල ඉහළ දමන වැට් බදු සංශෝධනය මගින් ජනතාව නොමරා මරන එකක් බවත් සැබෑ ලෙසම රාජ්‍ය ආදායම ඉහළ දැමීමට ආණ්ඩුවට වුවමනාවක් ඇත්නම් ගත හැකි කඩිනම් ක්‍රියාමාර්ග තුනක් ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

මන්ත්‍රී වඩිවේල් සුරේෂ් ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශකවරයෙක් ලෙස පත් කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශකවරයෙකු ලෙස පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

නකල්ස් සංරක්ෂණයට හරිත දේශගුණික අරමුදල මගින් ඩොලර් මිලියන 50ක වියදමින් ව්‍යාපෘතියක්

දේශගුණික විපර්යාසයන්ට ලක්ව ඇති මාතලේ දිස්ත්‍රික්කයේ නකල්ස් සංරක්ෂණ කලාපය කේන්ද්‍ර කරගෙන එහි පවතින ගැටලුවලට පිළියම් යෙදිම සදහා හරිත දේශගුණික අරමුදල මගින් ඩොලර් මිලියන 50ක වියදමින් ව්‍යාපෘතියක් සිදු කිරිම සදහා අරමුදල් වෙන්වි ඇති බව මාතලේ මහ දිසාපති තේජානි තිලකරත්න මහත්මිය පැවසුවාය.

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් ජනපති මැදිහත්වීමෙන් ඉඩමක්

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිසුන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් රජය සතු ඉඩමක් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඉදිරි මාස කිහිපය ඇතුළත ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරනවා -අගමැති

ඉදිරි මාස කිහිපය ඇතුළත ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ජනතා හැගීම් අවුස්සන්න කුරුන්දි ප්‍රශ්නය පිටින් දාල ඒවා වහන්න බෑ – මන්ත්‍රී පාඨලී

වසරකට භික්ෂුන් වහන්සේ පිරිසක් සිවුරු හැර දමා ශාසනය හැර යන බවත් එවන් තත්ත්වයක් තුළ ඒ භික්ෂු සාසනයේ උරුමය පිළිබඳ නිසි අවධානයක් යොමු නොකර හැඟීම් ඇවිස්සීම සඳහා කුරුන්දිය හෝ වෙනයම් සිදුවීමක් පෙන්වමින් යාමට ආණ්ඩුව කටයුතු කරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.