19 May 2024

දිවංගත ගාමිණී දිසානායක මහතාගේ 82 වැනි ජන්ම දින සැමරුම් උත්සවයට ජනපති එක්වෙයි

මෙරට වාරි ඉතිහාසය තුළ සුවිශේෂී පරිවර්තනයක් සිදු කරමින් එදා ගාමිණී දිසානායක මැතිතුමා මහවැලි ව්‍යාපාරය ක්‍රියාත්මක නොකළා නම් අද රට සහලින් ස්වයංපෝෂිත කිරීමට නොහැකි වන බවත්, රටට අවශ්‍ය විදුලිය ලබා ගැනීමට නොහැකි වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

දීඝවාපි පුදබිමේ සහ නීලගිරි මහා සෑයේ ප්‍රතිසංස්කරණ ආරක්‍ෂක ලේකම්, ජෙනරල් කමල්ගේ නිරීක්ෂණයට

අම්පාර, ඓතිහාසික දීඝවාපි පුදබිමේ සහ ලාහුගල පිහිටි නීලගිරි මහා සෑයේ සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය පිළිබඳව අධීක්‍ෂණය සඳහා දීඝවාපි චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීමේ භාරකාර මණ්ඩලයේ භාරකතෘ සහ පළමුවන භාරකරු “දීඝවාපිය අරුණභාරය” වන ආරක්‍ෂක ලේකම්, ජෙනරල් කමල් ගුණරත්න, ඊයේ (20) නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

අභියෝග භාර ගත නොහැකි නායකයෙක්ට රට ගොඩගත නොහැකියි – ඇමති ප්‍රසන්න

අභියෝග භාර නොගත් නායකයෙක්ට රට කිසිවිටකත් ගොඩනැගිය නොහැකි බවත් පොහොට්ටුවට ඕනෑ තරම් අපේක්ෂකයෝ සිටියත් අභියෝග ජයග්‍රහණය කළ කළ නායකයෙකුට පොහොට්ටුවෙන් අවස්ථාව ලබා දීමේ වැරැද්දක් නොමැති බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

 රෝහිතගේ  සභාපතිත්වයෙන් කෝප් කමිටුව පළමු වරට රැස්වෙයි

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව ) සඳහා  ආයතන 363ක් කැඳවීමට හැකි වුවත් මෙතෙක්  ආයතන 102ක් කමිටුව හමුවට කැඳවා නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

කෘත්‍රීම බුද්ධිය විෂය පාසල් දරුවන්ට ඉගැන්වීම 2025 වසරේ දී සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මකයි – ඇමැති සුසිල්

කෘත්‍රීම බුද්ධිය හා තොරතුරු සන්නිවේදන තාක්ෂණ විෂය අන්තර්ගතය සකස් කර විෂය නිර්දේශය සඳහා අදාළ පරිදි විෂය මාලා සංවර්ධනය කිරීමේ කටයුතු මේ වන විටත් සිදු කර අවසන් ව ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

‘‘අලුත්ම සමීක්ෂණ වාර්තාවක් එළියට – සමගි ජන බලවේගය ඉදිරියෙන් ඉන්නවා‘‘ -මන්ත්‍රී අශෝක් අබේසිංහ

උතුරු නැගෙනහිර හැර අනෙකුත් ප්‍රදේශවලින් 5000 ක නියැදියක් තෝරාගෙන සිදුකළ ස්වාධින සමීක්ෂණයකින් සමගි ජන සන්ධානයට සියයට 39 ක ප්‍රතිශතයක් තිබෙන බව තහවුරු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසයි.

පුරවර සරසවි මිතුරෝ දුන්හිද ඇල්ල ප්‍රවේශ මාර්ගය පිරිසිදු කරති

බදුල්ල සුන්දර දුන්හිද ඇල්ල ප්‍රවේශ මාර්ගයේ සහ ඇල්ල අසල ඇති ප්ලාස්ටික්, වීදුරු බෝතල්, පොළිතින් ඇතුළු පරිසරයට හානිදායක අපද්‍රව්‍ය ඉවත්කිරීමේ වැඩසටහනක් කොළඹ විශ්වවිද්‍යාලයේ පුරවර සරසවි මිතුරෝ කණ්ඩායම විසින් ක්‍රියාවට නංවන ලදි.

අස්වැසුමලාභීන් 14,000ක් සවිබලගැන්වීම සඳහා විශේෂ වැඩසටහනක් – රාජ්‍ය අමාත්‍ය අනුප

කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සමඟ එක්ව අස්වැසුමලාභීන් 14,000ක් සවිබලගැන්වීම සඳහා වන විශේෂ වැඩසටහනක් ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පවසයි.

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින් 60 දෙනෙකු සඳහා රන් සම්මාන පිරිනමයි

ජාතික සෞඛ්‍ය සේවාවට සුවිශාල දායකත්වයක් දක්වමින් සංචාරක ක්ෂේත්‍රය තුළින් දේශීය ආර්ථිකය සවිමත් කිරීමට දායක වූ ව්‍යවසායකයින් ඇතුළු අධ්‍යාපන, ප්‍රතිකාර, ඖෂධ, නිෂ්පාදන, සේවා යන අංශයන් නියෝජනය කරමින් එම ක්ෂේත්‍රයේ විශිෂ්ටතමයින් 60 දෙනෙකු සඳහා සම්මාන ප්‍රදානය කිරීම ඊයේ (19) සිදුකෙරිණ.

මධ්‍යම පළාතේ ගිලන් රථ රියදුරන් සදහා විශේෂ පුහුණු වැඩමුළුවක්

මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ගිලන් රථ රියදුරු මහතුන්ගේ දැනුම, ආකල්ප සහ හැකියාවන් සංවර්ධන කිරිම අරමුණු කරගෙන විශේෂිත පුහුණු වැඩමුළුවක් පවත්වා ඊට අදාල සහතික පත්‍ර ප්‍රදානය සහ ගිලන් රථ රියදුරන් හදුනා ගැනීම සදහා නිල කබායක් ලබාදීමේ උත්සවය පසුගියදා නුවර “Simulation Centre” හන්තාන හී දී සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.