8 May 2024

2019 දී රාජපක්ෂ පවුල්වාදය බිමට දානවා – ඇමැති පාඨලි කියයි

2019 අග දී මේ රට වෙලා තිබෙන රාජපක්ෂ පවුල් වාදය බිමට හෙලන බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින්.

කැබිනට් නොවන අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙයි

කැබිනට් නොවන අමාත්‍යවරු 03 දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු 17 දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු 07 දෙනෙක් අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

අපි කුමන්ත්‍රණ කළේ නෑ ..ඔය පුටු ෂුවර් නෑ …- මහින්ද රාජපක්ෂ කියයි

මුදල් අමාත්‍යවරයා වශයෙන් මංගල සමරවීර මහතා විසින් අද දිනයේදී ඉදිරිපත් කළ අවස්ථාවේදී ආණ්ඩුව ලබා ගත්තේ කුමන්ත්‍රණය කර ඇති බවට කල ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඉන්ධන මිල අඩු කරන බව අගමැති කියයි

ඉන්ධන මිල තවත් පහළ දැමෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාතවරයා මේ බව පැවසුවේ 2019 වසරේ මුල් මාස 4 සඳහා රජයේ වියදම් ඇතුළත් අතුරු සම්මත ගිණුම මුදල් අමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දීය.

අතුරු සම්මත අයවැය අද පාර්ලිමේන්තුවට

නව රජයේ අතුරු සම්මත ගිණුම අද(21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එය ඉදිරි මාස 04 සඳහා වු රජයේ වියදම් සම්බන්ධව ඉදිරිපත් කෙරුණු ඇත.

ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ගම්මානවල ජනපතිගේ නිරීක්ෂණයට

දිළිදුකම පිටුදැකීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෙන්වීමෙන් ජනාධිපති කාර්යාලයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවා තිඛෙන ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ක්‍රියාත්මකවන අනුරාධපුර, පළුගස්වැව, ආසිරිගම ගම්මානයේ ද ජනාධිපතිවරයා අද (20) නිරික්ෂණ චාරිකාවක නිරත විය.

හෙට අතුරු සම්මත අයවැය ඉදිරිපත් කරනවා – ඇමැති මංගල

2019 වසරේ මුල් මාස හතර සඳහා අවශ්‍ය මුදල් වෙන් කර ගැනීම වෙනුවෙන් වූ අතුරු සම්මත ගිණුම හෙට(21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ජනවාරි මාසය තුළ නව වසර සඳහා වන අයවැය ලේඛනය ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි

නව රජයේ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම් අද (20) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ සිදු කර තිබේ. දිවුරුම් දුන් සියලු අමාත්‍යවරුන්ගේ විස්තර පහතින් දැක්වෙයි. TTVnews.lk කියු දේ ඉටු වෙයි.

රාජ්‍ය මාධ්‍ය 2 ක් ජනපතිට – මංගලට මුදල්

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට වෙත පැමිණ තිබේ.

ඇමැති ධුර 30 ස්ථිරයි…. රංගේටත් නොදෙන්න තීරණය කරයි

අමාත්‍ය මණ්ඩලය හෙට 8.30 දිවුරුම් දීමට නියමිත අතර අමාත්‍ය ධුර 30 කට සීමා කිරිමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. හෙට දිනයේදී අදාළ කැබිනට් මණ්ඩලය එක්සත් ජාතික පක්ෂයේ පිරිස් පමණක් බව ජනාධිපතිවරයා පැවසු බව නිශාන්ත මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා පවසා සිටියේය.