16 May 2024

ජවිපෙ අඹ කැඩුවේ ජනතාවට අහුලගන්නැයි – ලාල් කාන්ත කියයි (විඩියෝ)

ව්‍යවස්ථා විරෝධි සටනේදී ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරනු ලැබුවේ මෙහි මුළික ප්‍රතිලාභ ජනතාවට ලබා දීමේ අරමුණින් බව දේශපාලන මණ්ඩල සභික කේ. ඩී ලාල් කාන්ත මහතා පවසයි.

ජනපතිව පරිස්සමින් ආශ්‍රිය කරන්න ඕන – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියයි

දින 50 ක චිත්‍රපටයක් පෙන්නු ජනාධිපතිවරයා ස්තුතිය පල කරන බවත් ඉදිරියේදී ජනාධිපතිවරයා ආශ්‍රිය කිරීමේදී පරිස්සමින් කල යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

ඡන්දවලට දාන්න ඕන අය ඒ වෙලාවට කියන්නම් – එජාපය

ආණ්ඩු කරන්න කටින් බැරි බවත් කකුලෙන් ඇද්දේ ජනාධිපතිවරයා බව එක්සත් ජාතික පක්ෂය පවසයි.  එම පක්ෂයේ යුක්තියේ ජනහඩ සංවිධානය කළ මාධ්‍ය හමුවක් අමතමින් නලින් බණ්ඩාර මහතා කියා සිටියේ ආණ්ඩුවේ කටයුතුවලට බාධා කර සිටියේ ජනාධිපතිවරයා බවයි.

අලුත් කෙනෙක්ට ඉඩ දෙන්න අයින් වුණා – හිටපු ජනපති කියයි

නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමට ඉඩ ලබා දෙමින් තමන් ධුරයෙන් ඉල්ලා අස් වු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියට මේ වන විට අත්සන් තමා තිබේ.

ජනපති පිස්සු වැඩ කරනකොට අපිට දුකයි – මන්ත්‍රි මුජිබර් රහුමාන් කියයි

ගම්මන්පිලලා වැනි දේශපාලන ජෝකර්ලාගේ ප්‍රකාශයන් රූපවාහිණි නාලිකාවල , පත්තරවල දාන බවත් මෙවැනි අයගේ ප්‍රකාශ ප්‍රචාරය කොට ජනතාවගේ බුද්ධියට නිඟා නොකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ ගැටුම නවත්වන්න ජනතාව තීන්දුවක් ගන්න ඕන – හිටපු ජනපතිනිය

එක් එක් පුද්ගලයා විසින් සිදු කරනු ලබන විවිධ බල අරගලය තුළ මේ වන විට පාර්ලිමේන්තුව තුළ ඇතිවී තිබෙන යුද්ධය අවසන් කිරීමට සියළු ජනතාව එකතුවී තීන්දුවක් ගත යුතු බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

නව අගමැති පස්වරුවේ දීවුරුම් දෙයි … ඇමැති මණ්ඩලයට සදුදා …!

වසර 4 හමාරකට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකියාවක් නොමැති බව ඊයේ (13) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුව අනුව මේ වන විට අගමැති ධුරය නැවත රනිල් වික්‍රමසිංහ හට ලබා දීමට යම් එකඟතාවයක් පල කර ඇති බව වාර්තා වේ.

කොළඹ මුද්දර දැක්ම ලබන 14 සිට 16 දක්වා තැපැල් මුලස්ථානයේදී

තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය මඟින් නවවන වතාවට සංවිධානය කරනු ලබන “කොළඹ මුද්දර දැක්ම” මුද්දර අලෙවිපොළ, දෙසැම්බර් මස 14 , 15 සහ 16 යන දිනයන්හිදී පෙ.ව 9.00 සිට ප.ව 6.00 දක්වා, කොළඹ 10 තැපැල් මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

මහින්දගේ අභියාචනාවේ පෙත්සම අද විභාගයට …….. ජනපති හමුවක් පස්වරුවේ …!

ශ්‍රේෂ්ඨාධිකරණයේ හෙට විභාගයට ගැනෙන අභියාචනා පෙත්සම පිළිබඳ තීන්දුවක් ලැබීමෙන් පසු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම අද (14) රාත්‍රීයේද රැස්වීමට එහිදී තීරණය කර ඇත.

රනිල් එක්ක අයේ නෑ – මේ දිගේ කැඩුණොත් අයින් වෙනවා

එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ යළි ආණ්ඩු පිහිටුවන්නේ නැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසු බව ලක්ෂමන් යාපා අබේගුණවර්ධන මහතා පවසයි.  ඒ මහතා මේ බව පැවසුවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරුවේ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.