7 May 2024

පරාටේ නීතිය සම්බන්ධව සංශෝධනයක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට -අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ

අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව මේ වන විට තාවකාලිකව අත්හිටුවා ඇති පරාටේ නීතිය සම්බන්ධව සංශෝධනයක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට බලාපොරොත්තු වන බව අධිකරණ,බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

හෙට්ටිපොල ගොවි ජනපදයේ වි අස්වනු නෙලිම් ආරම්භ කෙරේ

මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව හෙට්ටිපොල ගොවි ජනපදයේ වි අස්වනු නෙලිම් සිදු කරන අතර නාඩු වි කිලෝවක මිල 80.ත් 85ත් අතර සහ සම්බා වි කිලෝවක මිල 100ක් -110ක මිලක් පෞද්ගලික වි මෝලි හිමියන් විසින් මිලදි ගන්නා බව ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති.

ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම තියෙනවා .. රනිල්ට වංගු ගහන්න බෑ – මන්ත්‍රී විජිත

ජනාධිපතිවරණය එළැඹෙන සැප්තැම්බර් ඔක්තෝම්බර් මස අතර අනිවාර්යෙන්ම පැවැත්වෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

ජාතික ඉෆ්තාර් උත්සවයට වැය කෙරෙන මුදල් ගාසා තීරයේ ගැටුම් හේතුවෙන් අවතැන්ව සිටින දරුවන්ට -ජනපතිගෙන් උපදෙස්

ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා “ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund)” පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය හිමිව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

රනිල් හා පොහොට්ටුවේ ප්‍රතිපත්තිමය ගැටළු තියෙනවා – මන්ත්‍රී නාමල්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදු ජන පෙරමුණ අතර ප්‍රතිපත්තිමය ගැටළු තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

සමගි ජන බලවේගයෙන් කථානායකත් පොලිස්පතිවරයාටත් බාල්දියක් ! – මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී, සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

කංචන අපි බය නෑ .. ලැස්ති වෙලා ඉන්න හිරේ යන්න – රන්ජන් ජයලාල්

විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් තමන්ව වරදකරුවන් කර හිරේ දැමීමට උත්සහා කරන බවත් මේ ආණ්ඩුව ඇත්තේ තව පෝය 7 ක් බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා පවසයි.

ඊශ්‍රායලයේ රැකියා දෙන බවට කියමින් සල්ල ගන්න අය ගැන දැනුවත් කරන්න -ඇමති මනූෂගෙන් ඉල්ලීමක්

වෙනත් පාර්ශවයකට මුදල් ගෙවා කිසිඳු ආකාරයකින් ඊශ්‍රායලයේ රැකියා ලබා ගැනීමට හැකියාවක් නොමැති බවත් කවරෙකු හෝ රැකියා ලබාදෙන බවට පවසමින් මුදල් ලබාගෙන ඇත්නම් ඒ පිළිබඳ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දැනුවත් කරන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා මන්ත්‍රී ධුර‍යෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින්, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා වෙත අද (27) භාර දී තිබේ.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා අමෙරිකා එක්සත් ජනපද නියෝජිත පිරිසක් හමුවෙයි

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, අමෙරිකා එක්සත් ජනපද නියෝජිත පිරිසක් පසුගිය 23වනදා ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාවට පැමිණි අවස්ථාවේදී හමු විය.