9 May 2024

කඳුකර දශකය මේ වසරට අදාළ ව්‍යාපෘති ජුලි 31 වැනිදාට පෙර අවසන් කරනවා – ඇමැති ප්‍රසන්න

“කඳුකර දශකය” දස අවුරුදු බහුකාර්ය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩසටහන ජුලි 31 වැනිදාට පෙර අවසන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

INSEE සිමෙන්ති EPD සහතිකය ලබා ගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාගම බවට පත් වෙයි

මෙරට සිමෙන්ති සහ සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන INSEE සිමෙන්ති සිය පුළුල් නිෂ්පාදන කළඹ සඳහා පාරිසරික නිෂ්පාදන ප්‍රකාශය (Environmental Product Declarations) හෙවත් EPD සහතිකය ලබා ගැනීමට සමත් විය.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය සටහන් කරයි

පසුගිය ජනවාරි 23 සහ 24 දෙදින පාර්ලිමේන්තුවේ විවාද කිරීමෙන් අනතුරුව සංශෝධන සහිතව සම්මත කරනු ලැබූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට අද (01) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කළේය.

කඳුළු ගෑස්, රබර් උණ්ඩවලට සිදු කරන අනවශ්‍ය වියදම් රටේ අධ්‍යාපනයට ලබා දෙන්න – විපක්ෂ නායක සජිත්

සමගි ජන බලවේගය පොදුජනතාව නියෝජනය කරමින් සිදු කරන දැවැන්ත උද්ඝෝෂණයකදී ආණ්ඩුව ජල ප්‍රහාර, කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවත් ඒ සඳහා විශාල වියදමක් ආණ්ඩුව දරා ඇති බවත් එම වියදම පාසල් පද්ධතිය දියුණු කිරීම සඳහා යොමු කිරීමේ හැකියාවක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නව අස්වැසුම ප්‍රතිලාභින් ලක්ෂ 04 ක් තෝරාගැනීම් ලබන 10 වනදායි ආරම්භ කරනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

ලක්ෂ 20 ක් පමණ වූ අස්වැසුම ප්‍රතිලාභීන් සංඛ්‍යාව තවත් ලක්ෂ 04 කින් වැඩිකිරීම සඳහා අයදුම්පත් කැඳවීම පෙබරවාරි මස 10 වන දින පමණ වන විට ආරම්භ කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

නිවසක් ලබා දෙන බව පවසමින් මුදල් වංචාකල අයෙකු අත්අඩංගුවට

නිවසක් ලබා දෙන බවට පවසා කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 15 ක මුදලක් වංචා කල අයෙකු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ජනතාවගේ ඉඩම් ගැටළුව ස්ථිරසාරව විසඳන උරුමය වැඩසටහන එළැඹෙන 05 වනදා – ඇමැති හරීන්

නිසි ඉඩම් හිමිකමක් නොමැතිව දැඩි පීඩාවට පත්ව සිටින මිලියන දෙකකට අධික ජනතාවගේ ගැටළුවට ස්ථිරසාර විසදුමක් ලබාදෙන උරුමය වැඩසටහනේ සමාරම්භක උත්සවය පෙබරවාරි මස 05 වනදා දඹුල්ලේ දී පැවැත්වෙන බව බව සංචාරක, ඉඩම් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.