19 May 2024

සමහරු කාන්තාව දේශපාලන ඉත්තන් කර ගන්නවා – විපක්ෂනායක සජිත්

සමහරු කාන්තාව දේශපාලන ඉත්තන් කර ගත්තට අපි කාන්තාව රටේ සංවර්ධන⁣යේ ගාමක බලවේගය බවට පත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ පාලක තන්ත්‍රය පෙරළා දැමුවාම එය ජනතාවට විශාල පිබිදීමක් සහ බලාපොරොත්තුවක් – අනුර දිසානායක

සුද්දා ගියාම එදා සිටි අපේ වැඩිහිටියන්ට මොන තරම් සතුටක් ඇති වෙන්න ඇතිද? මේ පාලක තන්ත්‍රය පෙරළා දැමුවාම ඒ හැඟීමම ජනතාවට විශාල පිබිදීමක් සහ බලාපොරොත්තුවක් ඇති කරවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ගංවතුරින් විපතට පත් මාතර දරුවන්ට රතු කුරුසයෙන් පොත් ලබා දෙයි

පසුගිය ඔක්තෝම්බර් මාසයේ ඇතුව ගංවතුරෙන් පීඩාවට පත් මාතර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ට පාසල් පොත් හා උපකරණ බෙදාදීම පසුගියදා (24) රතු කුරුස සමාජයේ ජේෂ්ඨ උප සභාපති ජගත් අබේසිංහ මහතාගේ සහ මාතර දිස්ත්‍රික් ලේකම් ගනේෂ් අමරසිංහ මහතාගේ සහභාගිත්වයෙන් මාතර මාතර සණස ශාලාවේ දී පැවැත්වුණි.

ජනපති උපදෙසින් වසරකට පාසල් සිසුන් ලක්ෂයකට “ජනාධිපති ශිෂ්‍යත්ව”ලබා දීමට සැලසුම් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත පාසල් සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා දිරියක් ලබාදීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබාදීමේ “ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහන 2024/2025” ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අරමුදල සැලසුම් කර ඇත.

පොලිස් ශිෂ්‍ය භට බලකාය වෙනම ඒකකයක් ලෙස ස්ථාපිත කිරීමට පියවර ගන්නවා – ඇමැති ටිරාන්

පොලිස් ශිෂ්‍ය භට බලකාය වෙනම ඒකකයක් ලෙස ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

අනුමත කැබිනට් යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඇමැති ප්‍රසන්නගෙන් ඉහළ පෙලේ කමිටුවක්

කැබිනට් අනුමැතිය හිමිවු අමාතංශයට අදාළ කැබිනට් යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීම සදහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉහළ පෙළේ කමිටුවක් පත් කර තිබේ.

රටේ දේශපාලන ඉතිහාසය වෙනස් කරමින් මාර්තු මාසයේදී විශාලතම සන්ධානය ගොඩ නගනවා – නව සන්ධාන නිර්මාතෘ නිමල් ලාන්සා

නව සන්ධානය රට ගොඩනැගීමට වැඩපිළිවෙළක් සමඟ රටේ දේශපාලන ඉතිහාසය වෙනස් කරමින් මාර්තු මාසයේදී විශාලතම සන්ධානය ගොඩ නගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, නව සන්ධාන නිර්මාතෘ නිමල් ලාන්සා මහතා පවසයි.

පාඨලියේ එක්සත් ජනරජ පෙරමුණේ යෝජනාවලිය ජනපතිට පිලිගන්වයි

“දේශය වෙනුවෙන් එක් වන පියවරක්” මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින් පසුගියදා රටට ඉදිරිපත් කළ යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම කොළඹ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (24) පෙරවරුවේ සිදු විය.

නව සන්ධාන දෙවන රැළියට සහය පළ කරමින් හයිඩ් පාර්ක් පිටිය ජනතාවගෙන් පිරී යයි.

“ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්” තේමාව කරගනිමින් නව සන්ධානයේ දෙවන ජන රැළිය කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී අද (24) පස්වරුවේදී ඇරඹිනි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයේ සිදුවීම සෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පංච පුද්ගල විද්වත් කමිටුවක්

කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයට ඇතුළත් කළ සමහර රෝගීන්ගේ යම්කිසි සංකූලතා කිහිපයක් සහ ජනවාරි මස සිට මේ දක්වා මරණ කිහිපයක් වාර්තා වී ඇති බවත්, ඒ පිළිබද වැඩිදුර සොයා බැලීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය 05 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුවක් පත් කර ඇති බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.