7 May 2024

නාගරික සංවර්ධන අධිකාරිය ආරම්භ කර ඇති ව්‍යාපෘති 11 ක වැඩ කඩිනමින් අවසන් කරන්න – ඇමති ප්‍රසන්න

නාගරික සංවර්ධන අධිකාරිය මඟින් වැඩ ආරම්භ කර ඇති ව්‍යාපෘති 11ක වැඩ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දුන්නේය.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සඳහා සාමාජිකයන් පත්කිරීමට අයැදුම්පත් කැඳවයි

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (ඕ.එම්.පී) සාමාජික ධුරයන්ගේ පවතින පුරප්පාඩු සඳහා සාමාජිකයන් පත්කිරීමට සුදුසුකම් ලත් තැනැත්තන්ගෙන් අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනය කරයි.

සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (06) ආරම්භ කෙරිණ. අද සිට ලබන 15 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527 කදී පැවැත්වීමට විභාගය පැවැත්වේ.

පුනර්ජනනීය බලශක්ති භාවිතයට ලාංකිකයින් දිරිමත් කිරීම සඳහා PLC සහ Hayleys Solar අත්වැල් බැඳ ගනි

තිරසාර බලශක්ති විසඳුම් ලබා දීම වෙනුවෙන් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (PLC) සහ Hayleys Solar එකට අත්වැල් බැඳගනිමින්, සුවිශේෂී අවබෝධතා ගිවිසුමකට (MoU) පසුගිය දා නිල වශයෙන් අත්සන් තැබිණි.

තවදුරටත් පොහොට්ටුවේ සහාය රනිල්ට නැති වෙයි .. බැසිල් ඡන්දයට සුදානම් !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ අතර පැවැති සාකච්ඡාවේදී ඉතා තීරණාත්මක තීන්දු රැසක් ගෙන ඇති බව වාර්තා වේ.

මාතර දිස්ත්‍රික් මහ රෝහලට රුපියල් මිලියන 200 ක් පමණ වටිනා අති නවීන CT Scanner යන්ත්‍රයක් ලබා දෙයි

මාතර දිස්ත්‍රික් මහ රෝහලේ අළුතින් ස්ථාපිත කරන ලද රුපියල් මිලියන 200 ක පමණ වටිනාකමකින් යුතු CT Scanner යන්ත්‍රය ප්‍රතිකාර සේවාවන් සදහා එක් කිරීම ඊයේ දින (04) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු වහාම ආරම්භ කරනවා – රාජ්‍ය ඇමැති රංජිත්

වසර 40 ක් පමණ පැරැණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ මේ වන විට යම් යම් ප්‍රතිසංස්කරණ සිදුකිරීම අවශ්‍ය බවත්, ඒ අනුව එම කඩිනම් ප්‍රතිසංස්කරණ හඳුනාගෙන එම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේ මුදල් අමාත්‍යාංශ නියෝජිත හා මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඡන්දයක් දැක දැක රාජ්‍ය බලය හා සම්පත් දේශපාලනිකව භාවිතා කිරීමට එරෙහි වන්න – පැෆ්රල් සංවිධානය

පළාත් පාලන මැතිවරණය දින නියමයක් නොමැතිව කල් ගිය අවස්ථාවකදී සහ ඉදිරි ජනාධිපතිවරණය ආසන්නයේ දී රාජ්‍ය බලය හා සම්පත් දේශපාලනිකව භාවිත වීම වැළැක්වීමට ක්‍රියාකරන ලෙසත් දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් ප්‍රවර්ධනය වීම වැළැක්වීමට නිසි පියවර ගන්නා ලෙස පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

ජනපති රනිල්ගේ මුත්තා මෙරට මුල්ම ඉඩම් කොමසාරිවරයා බව මන්ත්‍රී වජිර‌ කියයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මුත්තණුවන් (සීයා) සිරිල් ලෙනාඩ් වික්‍රමසිංහ බවත් ඔහු මෙරට මුල්ම ඉඩම් කොමසාරිවරයා බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, වජිර අබේවර්ධන මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීම පිළිබඳව විශ්වාසයි – ජපානයේ විදෙස් ඇමැති

දැඩි ආර්ථික පසුබෑමකට මුහුණ දීමෙන් පසු ශ්‍රී ලංකාව සතුටුදායක ආරම්භක ප්‍රකෘතිමත් භාවයක් ලබා ඇති බැවින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීම පිළිබඳ ව ජපානය දැඩි විශ්වාසයකින් පසු වන බව ජපානයේ විදේශ අමාත්‍ය කමිකවා යොකෝ (Kamikawa Yoko) පවසයි.