19 May 2024

අපි කිසිදෙයක් විනාශ කරන්නේ නෑ

දේශීය කර්මාන්ත විනාශ කරන බවට වර්තමානයේ ඇතැම් පාර්ශව කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රාජපක්ෂලා ආරක්ෂා කරන දේවදත්ත භික්ෂුන් පරිස්සම් විය යුතුයි

වරප්‍රසාදවලට මුවා වෙලා මිනීමරු රාජපක්ෂලා ආරක්ෂා කරන, නැවත ඒකාධිපති ගමනට පාරකපන දේවදත්ත පරම්පරාවේ භික්ෂූන්ගෙන් සියලු බෞද්ධයෝ පරිස්සම් විය යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසයි.

DFCC බැංකුවේ 139 වැනි ශාඛාව එප්පාවල නගරයේදී

එප්පාවල, තලාව පාරේ , අංක 137 දරණ ස්ථානයේදී මෙලෙස DFCC බැංකුවේ 139 වැනි ශාඛාව අද (21) DFCC බැංකුවේ ප්‍රධාන විධායක ලක්ෂ්මන් සිල්වා මහතාගේ සුරතින් විවෘත කෙරිණි.

මහබැංකුවේ හොල්මන්

රටේ ආර්ථිකයට විශාල ලෙස බලෑමක් එල්ල කරන්නේ මහබැංකුවේ සිටින ඇතැම් හොල්මන් බව හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

මිලිටරි පාලකයෙකු ඉල්ලු හිමියන් ගැන කම්පා වෙනවා

ශ්‍රී ලංකාව, මිලිටරි පාලකයෙකු විසින් හෝ පාලනය කොට සංවර්ධනය කළ යුතු බවට, අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමියන් පසුගිය දා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් බෞද්ධයින් වශයෙන් තමන් දැඩි ලෙස කම්පා වෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා පවසයි.

මොලේ නරක් වෙලා

ගොවි ජනතාවට, ව්‍යාපාරික ප‍්‍රජාවට කිසි සහනයක් නොදෙන වත්මන් ආණ්ඩුව මියගිය කොටින්ට වන්දි ගෙවීම ආණ්ඩුවේ මොලේ වී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා පවසයි.

ඥානසාර හිමියන් ඡන්දේ ඉල්ලන්නේ නෑ

ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් කිසිවිටකත් මැතිවරණයකට ඉදිරිපත් නොවන බව සිංහල රාවය සංවිධානයේ මහලේකම් පුජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියන් පවසයි.

ආණ්ඩුව ගෙදර යවන වැඩක්

පළාත් සභා මැතිවරණය දින නියමයක් නොමැතිව කල් යැවීම සඳහා ආණ්ඩුව ගන්නා උත්සහාය පරාජය කිරිමට විශේෂ වැඩපිළිවෙලක් දියත් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පේරුම මහතා පවසයි.

අමෙරිකාව දෙබිඩි පිළිවෙලත් අනුගමනය කරනවා

අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙදී දෙබඩි පිළිවෙතක් අනුගමනය කළ බව හිටපු විදේශ ලේකම්, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන මහතා පවසයි.