19 May 2024

ඉන්දියාවේ සාංචි මහා විහාරය සමග එකතුව මෙවර වෙසක් උත්සවය ප්‍රථමවරට උත්කර්ෂවත් පැවැත්වීමට සුදානම්

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් සාංචි හි සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා තැන්පත් කර ඉදිකළ “සාංචි මහාබෝධි චේතියගිරි විහාරය” කේන්ද්‍ර කරගනිමින් මෙවර වෙසක් පුන් පොහෝ දින නිමිත්තෙන් මැයි 23 සහ 25 වනදා අති උත්කර්ෂවත් වෙසක් උත්සව මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි, සාංචි චේතියගිරි විහාරාධිකාරී බානගල විමලතිස්ස හිමියෝ පවසති.

සුරක්ෂා” සිසු රක්ෂණාවරණය යළිත්

ආර්ථික ගැටළුකාරී තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද “සුරක්ෂා” සිසු රක්ෂණාවරණය යළි ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ගොතටුව නව තෙත් බිම් උද්‍යානයේ සංවර්ධන කටයුතු ඇරඹේ

ගොතටුව නව තෙත් බිම් උද්‍යානයේ සංවර්ධන කටයුතු ඇරඹා ඇති අතර කොළඹ දිස්ත්‍රික්කය තුළ හදුනාගත් තෙත් බිම් සංවර්ධනය කිරීම වැඩසටහන යටතේ ගොතටුව තෙත් බිමද සංවර්ධනය කිරීමට අවදානය යොමුව ඇති බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසයි.

එප්පාවල, සඳරැස්ගම පුබුදු පෙර පාසලේ අබලන් වු වහලය නිසා සිසුන්ගේ ජිවිත අනතුරේ

අනුරාධපුර දිස්ත්‍රික්කයේ , තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ එප්පාවල, සඳරැස්ගම පුබුදු පෙර පාසලේ වහලය කඩා වැටීමට ආසන්නයේ පවතින බැවින් තම දරුවන් තම දරුවන්ගේ ජීවිත දැඩි අවධානමකට ලක්ව පවතින බව එම පෙරපාසලේ දරුවන්ගේ දෙමාපියන් පවසති.

’45 Under 45’ තරුණ විධායක නිලධාරීන්ට සහ ව්‍යවසායකයින්ට විශිෂ්ටතා සම්මාන පිරිනැමේ

’45 Under 45′ ව්‍යවසායකත්ව විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) දින කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්විණි.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරට වාහක රෝග පිළිබද සමාලෝචනයක්

ශ්‍රී ලංකාවේ වාහකයින් මගින් බෝවන ඩෙංගු, මැලේරියා, බරවා සහ ලීෂ්මේනියා (Dengue, Malaria, Filariasis, & Leishmaniasis) රෝග පිළිබඳ ඒකාබද්ධ බාහිර සමාලෝචනයක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පිරිසක් විසින් මෙරට දී සිදු කෙරිණ.

හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක සමගි ජන බලවේගයට එක්වෙයි

හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.

සෑම දිස්ත්‍රික්කයකටම තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 06ක් බැගින් ගම්මාන 160ක් – කෘෂිකර්ම අමාත්‍යංශය

මෙම වසර තුළ සෑම දිස්ත්‍රික්කයකටම තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 06ක් බැගින් දිස්ත්‍රික්ක 25 තුළ ගම්මාන 160ක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 1600ක මුදලක් වෙන් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇත.

මැතිවරණ ගැන තීන්දු ගන්න කැබිනට් මණ්ඩලයට බෑ -මන්ත්‍රී තිස්ස

මැතිවරණයක් කල් දැමීම , නාමයෝජනා අවලංගු කිරිම කැබිනට් මණ්ඩලයට තීරණය කළ නොහැකි බවත් එම කටයුතු සිදුකළ යුත්තේ මැතිවරණ කොමිසම බවත් මේ සම්බන්ධයෙන් මැතිවරණය කොමිසම වහාම ප්‍රකාශයක් නිකුත් කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

10 වැනි ලෝක ජල සමුළුවට සහභාගිවීම සඳහා ජනපති 18 වනදා ඉන්දුනීසියාවට

ඉන්දුනීසියාවේ බාලි නගරයේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි 18 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.