19 May 2024

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා ජනපති හමු වෙයි

මෙරට සංචාරයක නිරත දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ (Donald Lu) ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිටත්වන අපේ කණ්ඩායමට ජනපතිගෙන් සුබපැතුම්

ජුනි 01 වනදා සිට ජූනි 29 වනදා දක්වා ඇමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් හිදී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට දිවයිනෙන් පිටත්ව යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු සමාගම්වලට නීතිමය පියවර ගන්නවා – ඇමැති ජිවන්

වතු කම්කරු ප්‍රජාවේ වැටුප් වැඩිකිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියාමාර්ග ගතහොත් ඒ සඳහා මුහුණ දීමට සූදානම් බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා පවසයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සහකාර ලේකම්, ජාතික ජන බලවේගයේ නියෝජිතයින් හමුවෙයි

ශ්‍රී ලංකාවට පැමිණ සිටින දකුණු සහ මධ්‍යම ආසියානු කලාපය භාර ඇමෙරිකා එක්සත් ජනපදයේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ඊයේ (13) පස්වරුවේදී Galle Face හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.

සභාපති විජයදාසට බාධා කරන්න එපා – කඩුවෙල දිසා අධිකරණයෙන් නියෝගයක්

ශ්‍රී ලංකා පක්ෂයේ නව සභාපති අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, වැඩබලන මහලේකම් කීර්ති උඩවත්ත සහ ශ්‍රීලනිප දේශපාලන මණ්ඩලයේ මෙහෙයුම්වලට බාධා කිරීම සියලු පාර්ශවයන්ට වළක්වමින් කඩුවෙල දිසා අධිකරණය වාරණ නියෝගයක් අද (13) ලබා දී තිබේ.

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති හා ඇමැති ටිරාන් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති දමියානෝ ෆ්‍රැන්කොවිහ් මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර හමුවක් අද(13) දින මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදු විය.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 55 වන ඔසුසල අම්බලන්ගොඩ නගරයේ දී විවෘත කෙරේ

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අම්බලන්ගොඩ රාජ්‍ය ඔසුසල ශාඛාව ඊයේ (11) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.

රටේ සීඝ්‍ර ආර්ථික දියුණුවක් ඇති කිරීම වෙනුවෙන් නව නීති 04ක් – ජනපති

2025 වසරේ දී මෙරට ආර්ථික වර්ධන වේගය 3%ක් දක්වා වර්ධනය වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ඊට සමගාමීව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සජිත් කරපු අවිධිමත් වැඩ ගැන ඇමැති ප්‍රසන්න කියයි

වත්මන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යවරයා වශයෙන් සිටියදී දිවයින පුරා අවිධිමත් ලෙස වැඩ ආරම්භ කර අවසන් නොකළ ඉදිකිරීම් අතරමඟ නතරවී ඇති නිවාස 44,053ක වැඩ අවසන් කිරීම සඳහා රුපියල් මිලියන 15,244.58 ක මුදල් ප්‍රතිපාදන ලබා දෙන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා රජයෙන් ඉල්ලයි.