9 May 2024

ජනාධිපතිවරණයක්….. මාධ්‍ය ආයතන ගැන ජවිපෙ අනුරගෙන් සැර කතාවක්

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට කටයුතු නොකරන්නේ නම් මේ වසරේ නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරණයක් පැමිණීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (02) මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ විවිධ ආණ්ඩු විවිධ අවස්ථාවල අපේ රටේ මාධ්‍ය ආයතන තමන්ට අවශ්‍ය පරිදි හීලෑ කරගත් බවයි.

ජනතාවගේ දුගී බව තුරන් කිරීම ප්‍රමුඛ අරමුණ කර ගන්න – ජනපතිගෙන් නිලධාරින්ට උපදෙස්

ජනතාවගේ දුගී බව තුරන් කිරීම ප්‍රමුඛ අරමුණ කර ගනිමින් නව වසරේ සංවර්ධන සැලසුම් සකස් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලධාරින්ට උපදෙස් දෙයි. මත්ද්‍රව්‍ය වැනි සමාජයට අහිතකර සියලූ බලවේගයන් මර්ධනය පිළිබදව ද විශේෂ අවධානයකින් කටයුතු කළ යුතු අතර, ඒ වෙනුවන් ක්‍රියාත්මක විශේෂ වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂ අර්ජුන සහ කසුන්ට ඇප

මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සහ එහි විධායක නිලධාරී කසුන් පලිසේන යන දෙදෙනාට ඇප ලබා දීමට අද (01) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කර තිබේ.

නව වසරේ පළමු කැබිනට් රැස්වීම හෙට

නව වසරේ පළමු කැබිනට් රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. ඇමැතිවරුන්ගේ විෂය පථයන් ගැසට් කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලය පළමු වරට රැස්වන්නේ හෙට දිනයේයි.