9 May 2024

ජනමාධ්‍ය අමාත්‍යංශයට අයත් ඉහළ පුටුවලට ඉල්ලා අස්වන්නැයි දන්වයි !

ජනමාධ්‍ය අමාත්‍යංශයට අයත් සියළු ආයතනවල සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට වහාම ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතා විසින් දන්වා ඇති බව වාර්තා වේ.

යහපත් කෘෂිකාර්මික පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම සඳහා CPOPC වෙතින් ජාලගත සම්මන්ත්‍රණයක් !

ලොව පුරා කුඩා වතු හිමියන් ට සිය අත්දැකීම් හා දැනුම එකිනෙකා සමග හුවමාරු කරගැනීමට අවස්ථාව ලබා දෙමින් විවිධ වැඩසටහන් සංවිධානය කරන ‘ඔයිල් පාම් නිෂ්පාදක රටවල් සම්බන්ධ කවුන්සිලය (CPOPC)’ ආසියා පැසිෆික් කලාපය, මධ්‍යම ලතින් ඇමරිකාව සහ අප්‍රිකානු මහාද්වීපයේ කුඩා වතු හිමියන් අනුගමනය කරන තිරසාර කෘෂිකාර්මික පිළිවෙත් අනෙකුත් රටවල ද ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලැබූ වෙබිනාර් […]

ආණ්ඩුවට දුකක් නෑ -ජනතාවට ඇපත් නෑ -විපක්ෂ නායක

ආණ්ඩුව පත් වු දිනයේ සිට අපරාධකරුවන්ට, ගජ මිතුරන්ට, නොම්බර එකේ වංචනිකයින්ටනම් දුකක් නැතිව සැප ලැබුණු බවත්, ජනතාවට ඇපත් නැතිවූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  මහතා පවසයි.

ණයට ආහාර, තෙල් ගන්න වැඩසටහන ක්‍රියාත්මක කරන්න – රනිල් ආණ්ඩුවට දැනුම් දෙයි

ණයට ආහාර ගන්න, ණයට තෙල් ගන්න වැඩසටහන ක්‍රියාත්මක කරන්නැයි තමා ආණ්ඩුවට දැනුම් දෙන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කොළඹ වරාය නගරය,සාගරයෙන් නැඟී එන “අනාගතයේ නගරය”

කොළඹ පෝට් සිටියේ රන්වන් කෘත්‍රිම වෙරළ තීරයේ, ශ්‍රී ලාංකිකයකු වන සංජීව අල්විස් ඉතා උනන්දුවෙන් පෝට් සිටිහි ඉදිවන මූල්‍ය මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට සමාන වැලි මාලිගා ආකෘතියක් “ගොඩනැගීමේ” නිරත විය.

මිය ගිය කැස්බෑවන් සිව් දෙනෙකු සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

පමුණුගම, උස්වැටකෙයියාව ප්‍රදේශයේ ඊයේ (27) පස්වරුවේදී පොලිසිය විසින් සිදු කල වැටළිමකදී මරන ලද කැස්බෑවන් සිව් දෙනෙකු සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදා දායකත්වයෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

නාවික හමුදාව විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 26  වනදා දින තලෙයිමන්නාරම, ඌරුමලේ සිට තලෙයිමන්නාරම්තොට දක්වා වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කර තිබේ.

කරාපිටිය නව මාතෘ රෝහල කඩිනමින් රෝගී ප්‍රතිකාර සඳහා -සෞඛ්‍ය ඇමැති කෙහෙලිය

ජර්මන් රජයේ ආධාර යටතේ ගාල්ල, කරාපිටිය ඉදි කෙරෙන සය මහල් නව මාතෘ රෝහලේ ඉදි කිරීම් කඩිනමින් අවසන් කර රෝගී ප්‍රතිකාර සේවාවන් සඳහා යොමු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

වයඹ විශ්වවිද්‍යාලයීය නගර සංවර්ධන ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

සංවර්ධනය සඳහා වන සෞදි අරමුදලේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාල නගර ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) දින සමාරම්භ විය.