20 May 2024

අලින්ට ඇඳ තිබු විදුලි රැහැනක පැටලි අයෙකු මරුට

ගල්කිරියාගම, ඉදිගොල්ලාගම වැවේ මාළු ඇල්ලීම සඳහා ගොස් නැවත පැමිණෙමින් සිටි අයෙකු ඊයේ (23) විදුලිසැර වැදී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

දිඹුලාගල වල විශේෂ ව්‍යාපෘති 34 ක් දියත් කරනවා රාජ්‍ය ඇමති රොෂාන් පවසයි

දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විශේෂ ව්‍යාපෘති 34ක් දියත් කිරිම සඳහා මන්ත්‍රින් සඳහා වෙන් කරන විමධ්‍යගත අරමුදලින් මුදල් වෙන්කිරිමට පියවර ගෙන ඇති බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

DFCC බැංකුව රටේ අපනයන ක්ෂේත්‍රය නංවාලීමේ අරමුණින් ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය සමග විශේෂ ගිවිසුමකට අත්සන් තබයි

DFCC බැංකුව, ජාතික අපනයන මණ්ඩලය සමග විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට පසුගියදා කටයුතු කළේ ය. ඒ අනුව මින් ඉදිරියට ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ ක්‍රමෝපායික හවුල්කරුවෙකු ලෙස කටයුතු කරමින්, එම මණ්ඩලයේ සාමාජිකයන්ට තම ව්‍යාපාර දියුණු කරගැනීම සඳහා පුළුල් පරාසයක පැතිරුණු මූල්‍ය සැලසුම් හා සේවාවන් එකතුවක් පිරිනැමීමට DFCC බැංකුව කටයුතු කරනු ඇත.

“එක රටක් එක නීතියක්” වෙනුවෙන් අදහස් ලබාදෙන්න තවදුරටත් පෙළ ගැසෙයි

ශ්‍රී ලංකාව තුළ “එක රටක් එක නීතියක්” සඳහා වු ජනාධිපති කාර්ය සාධක බලකායට අදහස් එක්කිරීම සඳහා සිවිල් සංවිධාන සහ පෞද්ගලික වශයෙන් විශාල පිරිසක් එක් වෙමින් සිටින බව එහි සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.

ආසියානු කලාපීය ජිම්නාස්ටික් පුහුණු මධ්‍යස්ථානය ලෙස මාතර දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය සංවර්ධනය කෙරේ

මාතර කොටවිල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණය ආසියානු කලාපීය ජිම්නාස්ටික් පුහුණු මධ්‍යස්ථානය ලෙස සංවර්ධනය කෙරේ.

‘‘ඊ-ස්වාභිමානී’’ සම්මානලත් නව නිපැයුම් දෙකක් ‘2021 World Summit Awards ’ අවසන් වටයට

ඊ – ස්වාභිමානී ඩිජිටල් සමාජ බලපෑම් දේශීය සම්මාන ලාභීන් දෙදෙනෙක්, 2021 World Summit Awards අන්තර් ජාතික සම්මාන උළෙලේ අවසන් වටයට නිර්දේශවී ඇති බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

ගාලු කොටුවේ මාරක පිම්ම තවදුරටත් පවත්වාගෙන යාමට විකල්ප වැඩපිළිවෙලක්

ගාල්ල කොටුවේ කොඩිගල සිට මුහුදට පනින ක්‍රියාවේ නිරත තරුණයන්ට එය තවදුරටත් පවත්වාගෙන යාම සදහා විකල්ප වැඩපිළිවෙලක් හදුන්වා දෙන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.

දුම්රියට පැන 82 හැවිදිරි පුද්ගලයෙකු සියදිවි නසා ගනි

මාන්කුලම්, කොකාවිල් දුම්රිය හරස් මාර්ගයේ අලෝක සංඥා කණුව අසලදී ධාවනය වන දුම්රියට පැන පුද්ගලයෙකු සියදිවි හානි කර ගෙන ඇති බව පොලිසිය පවසයි.

පුස්තකාල සදහා පොත් ලබා දිම

මධ්‍යම පළාත් යෞවන කටයුතු හා කර්මාන්ත අමාත්‍යංශයේ ප්‍රතිපාදන මත ලබාදෙන ලද පුස්තකාල උපකරණ හා පුස්තකාල පොත් ලබාදීම රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදුවිය.