9 May 2024

මිනිස් ජාවාරම මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ගනු ලබන දැඩි කඩිනම් ක්‍රියාමාර්ග

ඉදිරි වර්ෂයේදී ශ්‍රී ලංකාවේ මිනිස් ජාවාරම් උවදුරට එරෙහිව සටන් කිරීම සඳහා තවත් ක්‍රියාකාරි පියවර රැසක් ආරම්භ කිරීමට කටයුතු කරන බව මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බලකාය පවසයි.

තලවකැලේට පශූ වෛද්‍ය රසායනාගාරයක් ජනතා අයිතියට පත් කිරීම මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන්

මධ්‍යම පළාත් සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ ඔක්ස්ෆාම් පෞද්ගලික ආයතනයේ සහයෝගීතාවයෙන් රුපියල් මිලියන 4.5ක වියදමින් ඉදිකරන ලද තලවකැලේ ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද පශූ වෛද්‍ය රසායනාගාරය ජන අයිතියට පත් කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 23 වනදා සිදුවිය.

මඩකළපුව මුහුදු සීමාවේ නීති විරෝධි වැලි කැණිමක් සිදු වන්නේ නෑ – නාවික හමුදාව

සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වන පරිදි මඩකළපුවට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේ නීති විරෝධි වැලි කැණිමක් සිදු වූ බවට වන වාර්තා සම්පුර්ණයෙන් අසත්‍ය බවට නාවික හමුදාව පවසයි.

DFCC බැංකුව මෙවර උත්සව සමය වෙනුවෙන් වට්ටම් හා දීමනා රැසක් පිරිනමයි

DFCC බැංකුව මෙවර උත්සව සමය වෙනුවෙන් සිය කාඩ්පත් හිමියන්ට වට්ටම් හා දීමනා රැසක් පිරිනැමීමට පියවර ගෙන තිබේ. ‘Santa in your wallet’ යන තේමාව යටතේ ක්‍රියාවට නංවා ඇති මෙම වැඩසටහන මගින්, දිවයින පුරා පිහිටි අලෙවිසැල් 300 කට අධික සංඛ්‍යාවකදී DFCC කාඩ්පත් හිමියන්ට සුවිශේෂී ප්‍රතිලාභ හිමිවනු ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ කරුණු වලට සාධනීය ප්‍රතිචාර දැක්වූවා – සෞඛ්‍ය අමාත්‍ය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කළ කරුණු පිළිබදව අධ්‍යයනය යොමු කරමින් ඉතාම සාධනීය ලෙස අඩියක් ඉදිරියට තබා ඒ වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අභියාචනාධිකරණයට නව විනිසුරුවරයෙක්

අභියාචනාධිකරණ නව විනිසුරුවරයෙකු ලෙස විකුම් අතුල කළුආරච්චි මහතා අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

රජයේ නිළධාරීන්ට අලුත් ගමනකට ඇමති දුමින්ද ආරාධනා කරයි

හැමදාමත් රජයේ සේවකයාව ආරක්ෂා කරලා තිබෙන බවත් හැමෝම අලුත් ගමනක් යමු කියලා මතක් කරන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

අලින්ට ඇඳ තිබු විදුලි රැහැනක පැටලි අයෙකු මරුට

ගල්කිරියාගම, ඉදිගොල්ලාගම වැවේ මාළු ඇල්ලීම සඳහා ගොස් නැවත පැමිණෙමින් සිටි අයෙකු ඊයේ (23) විදුලිසැර වැදී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.