9 May 2024

නිකිණි පොහෝ දිනයට සමගාමීව අනුරාධපුරදී මෙහෙණින් වහන්සේලාගේ පිණ්ඩපාත දානයක්

නිකිණි පොහෝ දිනයට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රථම වරට මෙහෙණින් වහන්සේලා සියක් නමක් දිශා හතරකින් පිණ්ඩපාතයේ වැඩම කරවීම ඊයේ (29) දවස පුරා අනුරාධපුර විජයපුර ප්‍රදේශයේ දී පැවැත්විණි.

ආණ්ඩුවේ මර්දනය ජනතා බලයෙන් පරාජයට පත් කරනවා – අනුර දිසානායක

ජනතාවගේ උද්ඝෝෂණවලට පහර දෙන්නත් පුද්ගලයන් අනීතිකව අත්අඩංගුවට ගන්නත් පටන්ගෙන තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජපාන විදේශ අමාත්‍යවරයා ජනපති හමු වෙයි

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා (HAYASHI Yoshimasa) මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡා අද (29) කොළඹදී පැවැත්විණ.

ජනපති රනිල් “ජන්ද කුට්ටියක්” බලාගෙන අන්තවාදී සංවිධාන 05ක තහනම ඉවත් කලා – මන්ත්‍රී ජයන්ත

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරයට වගකිවයුතු, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අන්තවාදී සංවිධාන 05 ක තහනම් කර ඇත්තේ ඡන්ද කුට්ටියක්” කඩා ගැනීමේ උවමනාවෙන් බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා සහාය දැක්වීමට ප්‍රංශයේ කැපවීම යළි සහතික කරයි

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා සිය දකුණු පැසිෆික් කලාපයේ සංචාරයෙන් අනතුරුව ඊයේ (28) ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය.

ඕනෑම මැතිවරණයට අපි සූදානම් – විපක්ෂ නායක සජිත්

දුර්වල රාජ්‍ය පාලනයත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කෙලසමින් මැතිවරණ කල් දැමීමත් තුළ ජන ජීවිතය පීඩාවට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ලෝක බාලදක්ෂ ජම්බෝරිය සඳහා සහභාගී වන ශ්‍රී ලාංකික බාලදක්ෂයෝ ජනපති හමු වෙති

දකුණු කොරියාවේ පැවැත්වෙන 25වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට නිල වශයෙන් ජාතික ධජය පිළිගැන්වීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

සබරගමුව මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවයට සුරාබදු සැල් වැසේ

ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලයේ ඇසළ උත්සවය වෙනුවෙන් අද (28) දින සිට එලැඹන 02 වනදා දින දක්වා දේවාලයේ සිට කිලෝමීටර 5ක දුර ප්‍රමාණයක් දක්වා වූ භූමි ප්‍රදේශය තුළ පිහිටි සියලුම සුරාබදු බලපත්‍ර ලත් සුරාසැල් වසා තැබීමට නියෝග කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

පොහොට්ටුවේ රනිල්ට කැමැති පිරිස ලන්සාට එකතු වෙයි

පොදු ජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඉදිරි මැතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට සහාය පල කිරීම සඳහා සුදානමක් ඇති බව වාර්තා වේ.