9 May 2024

දුම්රියේ ගැටී අයෙකු මරුට

පොල්ගහවෙල, ගල්කොනේ ප්‍රදේශයේ ඊයේ (27) දහවල් කාලයේදී කොළඹ සිට බදුල්ල බලා ධාවනය වු සීග්‍රගාමී දුම්රියේ ගැටී පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

ප්‍රංශ ජනාධිපති හෙට ශ්‍රී ලංකාවේ සංචාරයක

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, හෙට (28) දින ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වනු ඇති බව විදේශ අමාත්‍යංශය පවසයි. ප්‍රංශ ජනාධිපතිවරයෙකු මෙරටට පැමිණි පළමු අවස්ථාව වේ.

අපි වර්ගවාදය, බෙදුම්වාදය ප්‍රතික්ෂේප කරන දේශපාලන පක්ෂයක් – මන්ත්‍රී රංජිත්

අප පක්ෂය වර්ගවාදයට, බෙදුම්වාදයට සහ ආගම්වාදයට විරුද්ධ බවත් මොනයම් හේතුවක් මත ජාතීන් අතර තිබෙන සුහඳතාවය පළදුවන ආකාරයේ කටයුතුවලට සහයෝගය නොදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මහතා පවසයි.

අලියාන්ස් සමාගමේ නිට්ටඹුව ශාඛාව නව ස්ථානයක විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් මෙන්ම ජාත්‍යන්තර Allianz SE සමූහයෙ හි සාමාජිකයෙකු වන අලියාන්ස් ලංකා සමාගමේ නිට්ටඹුව ශාඛාව නව ස්ථානයක විවෘත කිරීම පසුගියදා සිදුවිය.

අස්වැසුම බැංකු ගිණුම් විවෘත කිරීම මේ සති අන්තය වන විට අවසන් කරන්න – අගමැති

සමාජ සුභසාධන ප්‍රතිලාභ ගෙවීම සඳහා බැංකු ගිණුම් විවෘත කිරීමේ කටයුතු මේ සති අන්තය වන විට අවසන් කර ප්‍රතිලාභ ගෙවීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

බලය දෙන්න කලින් මැතිවරණ තියන්න – මහලේකම් රංජිත්

ජනාධිපතිවරයා ඊයේ (26) කැඳවූ සර්වපාක්ෂික හමුවේදී මැතිවරණ නොතියා බලය ලබා දෙන්න සූදානම් බවත් එම අවස්ථාවට පැමිණි සියලු පක්ෂ මැතිවරණ තියන්න ඉල්ලීම් කර බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවේ .. මට තනියම කිසිම දෙයක් කරන්න බෑ – ජනපති

නව නීති සම්මත කිරීමේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුව සතුව බවත්, තමා සිදු කරන්නේ රට වෙනුවෙන් අදාළ යෝජනා ගෙන ඒම පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අස්වැසුමේ ගැටලු අගමැතිගේ අවධානයට

අස්වැසුම ක්‍රියාත්මක කිරීමේදී පැනනැගී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.