9 May 2024

ඒකාබද්ධය දවල් හීන දකිනවා – ඇමැති මහින්ද කියයි 

කොළඹ වටලලා ආණ්ඩු පෙරළනවා කියලා ඒකාබද්ධ විපක්ෂේ දකින්නේ දවල් හීනයක් බවත් ඔය උද්ඝෝෂණේ මහජන හිංසාවට කරන එකක් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ පසුගිය සෙනසුරාදා ( 01) ඇඹිලිපිටිය කෝන්කටුව උඩවෙල මහවැවේ ප්‍රතිසංවර්ධන කටයුතු අරඹමින්.  

ගෝල් මරීනා මනූෂ විරුද්ධයි !

ගාල්ල වරායේ කොටසක් යොදාගෙන ක්‍රියාත්මක කිරීමට ටෙන්ටර කැදවා ඇති ගෝල් මරීනා ව්‍යාපෘතිය පිළිබද සංවර්ධන කමිටුවක හෝ සංවර්ධන ව්‍යාපෘති පිළිබද සාකච්ඡා කරන කිසිදු ස්ථානයක සාකච්ඡා කර නොමැති බවත් සැකකටයුතු ආකාරයට ගාල්ල වරායේ කොටසක් විදේශීය සමාගම්වලට ලබාදීමේ උත්සාහයට තමන්ගේ දැඩි විරෝධය පළ කරන බව විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා […]

උතුරු නැගෙනහිර ගැඹුරු මුහුදේ තෙල් සම්පත සෙවීමේ මෙහෙයුම ඇරඹේ

ශ්‍රී ලංකාවේ උතුරු – නැගෙනහිර ගැඹුරු මුහුදේ ස්වභාවික වායු සහ ඉන්ධන නිධි හඳුනා ගැනීමේ මෙහෙයුම අද (02) ආරම්භ කල බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසයි. ඒ කොළඹ වරායට සේන්දු වූ අති නවීන BGP Pioneer නෞකාව එකී දත්ත ගවේෂණ සඳහා උතුරු නැගෙනහිර ගැඹුරු මුහුදට යාත්‍රා කිරීමෙනි.

එන්ටප‍්‍රයිස් ශ‍්‍රී ලංකා තුළින් කාන්තාවන්ට විශේෂ තැනක්

න්ටප‍්‍රයිස් ශ‍්‍රී ලංකා ව්‍යාපෘතිය තුළ කාන්තා ව්‍යවසායකත්වය බිහි කිරීමට විශේෂයෙන් ම ක‍්‍රියා කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ඒ සඳහා බැංකු සමඟ එක්ව සහන පොළි ණය ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා පැවසිය.

සංහිඳියා වොලිබෝල් ශූරතාවය යාපනය ‘බෙයා ෆුට්’ කණ්ඩායම දිනාගනී

අගෝස්තු 31 වන දින මොනරාගලදී සමාප්තිය සනිටුහන් කළ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයෙහි පැවැත්වූ සංහිඳියා කුසලාන පාසල් වොලිබෝල් තරගාවලියේ ශූරතාවය යාපනය, පුත්තූර්, සෝමස්කන්දා විද්‍යාලයීය වොලිබෝල් කණ්ඩායම විසින් දිනා ගනි.

බැසිල් එන්නේ නෑ ! ගෝඨා එන එක කියන්න බෑ ! – මහින්ද කියයි

ඒකාබද්ධ විපක්ෂය විසින් ආණ්ඩුවට එරෙහිව ලබන 05 වනදා සංවිධානය කරනු ලබන රැළියට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහභාගි නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට විදේශ රටවල සිට බොහෝ වැඩ කරමින් සිටින බවයි.

චතුරගේ උත්සව ශාලාව ගැන අගමැති කාර්යාලයෙන් නිවේදනයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා වෙත ශාලාව ලබා දී ඇත්තේ පිටස්තර උත්සව සඳහා එය ලබා දෙන අවස්ථාවන්හි අය කරන සම්මත ගෙවීම් මත බවත් උත්සවයේ සැරසිලි, ආහාරපාන හෝ අන් කිසිදු කාර්යයකට සම්බන්ධයක් නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.