18 May 2024

විග්නේෂ්වරන් කරපු දෙයක් නෑ – ඇමති චම්පික රණවක

  විග්නේෂ්වරන් මහත්මයාට උතුරේ මහ ඇමති ධූරය ලැබෙන්නත්, ඒ සඳහා යුක්ති සහගත මැතිවරණයක් උතුරේ පවත්වන්නත් පුළුවන් උනේ ආරක්‍ෂක අංශ කරපු ජීවිත පරිත්‍යාග නිසා බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. 

නෙට්වෙල්ත් කළමනාකාරීත්වයෙන් ‘මහපොළ’ ගලවයි

මහපොළ භාරකාර අරමුදල කළමනාකරණය කිරීම සඳහා පිහිටු වූ නෙට්වෙල්ත් කෝපරේෂන්  සහ නෙට්වෙල්ත් සිකියුරිටීස්  යන සමාගම්වල කළමනාකාරිත්වයෙන් ඉවත්කොට සෘජුවම අරමුදලේ මුදල් රජයේ බැංකු සහ මහ බැංකු බැඳුම්කරවල පමණක් මින් ඉදිරියට ආයෝජනය කිරීමට පියවර ගන්නා බව උසස් අධ්‍යාපන ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

මේ ආණ්ඩුව ස්වදේශිකයා ආරක්ෂා කළේ නෑ – විමල් කියයි

ස්වදේශිකයා ආරක්ෂා කිරීම වෙනුවෙන් මේ පරගැති ආණ්ඩුව කිසිදු පියවරක් ගෙන නොමැති බව  ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.  ඒ මහතා පසුගිය 02 වනදා  ‘ජනබලය කොළඹට’ ජනහමුමාලාවේ කොලොන්නාව සණස ශාලාවේ පැවති ජනහමුව අමතමින් කියා සිටියේ වත්මන් ආණ්ඩුව අවුරුදු තුන පුරා ගනු ලැබුවේ විදේශිකයා පිනවීම සඳහා වන  පියවරයන් බවයි.

කාබනික පොහොර සහනාධාර මුදල යල කන්නයටත් දෙනවා 

රසායනික පොහොර භාවිතයෙන් තොරව නිෂ්පාදනය කරනු ලබන සහල් පරිභොජනය සඳහා වෙළඳපොළේ ඉහළ ඉල්ලුමක් පවතින නිසා කාබනික වී වගාව ප්‍රචලිත කිරීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කාබනික වී ගොවීන් සඳහා පොහොර සහනාධාර වශයෙන් මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගනු ලැබී ය.

පොලිසිය ගැන ආඩම්බරයි – අගමැති

ගෙවුණු තෙවසර තුළ පොලිසිය නවීකරණය කිරීම සඳහා වත්මන් රජය පියවර රැසක් ගෙන තිබෙන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2014 – 2017 කාල වකවානුව තුළ රටේ අපරාධ 35% කින් අඩු වී, අපරාධවලට විසඳුම් ලබාදීම 20% කින් වැඩි වී තිබෙන බව ද පැවසීය.

නඩුවලින් බේරෙන්න උද්ඝෝෂණ කරන බව ඇමැති අකිල කියයි 

  බරපතල වංචා දූෂණ නඩු විභාග කරන විශේෂ අධිකරණ මගින් නීතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බැවින් පසුගිය සමයේ ජනතා මුදල් සොරකම් කරමින් කටයුතු කළ පිරිස් කළබළ වී ජනතාව වීදි බස්සා ඔවුන්ට එරෙහිව ඇති වංචා, දූෂණ අපරාධ නඩුවලින් බේරීමට උද්ඝෝෂණ සංවිධානය කරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. 

පුටු ගන්න කිසිම සුදානමක් නෑ – කථානායක 

පාර්ලිමේන්තුවට අළුතින් පුටු 232 ක් මිලදී ගැනීමට සූදානම් වන බවට ඇතැම් මාධ්‍යයන්හි පල වූ පුවත මුළුමනින්ම සත්‍යයෙන් තොර පදනම් විරහිත  කරුණක් බව කථානායක කාර්යාලය පවසයි.  එම කාර්යාලය නිවේදනය කළේ පාර්ලිමේන්තු සභාගර්භයේ බිම ඇතිරිලිද වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් පිළිබඳව කිසිඳු අවධානයක් යොමු වී නැති බවයි. 

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස හේමසිරි පත් කෙරේ 

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පත් කර තිබේ.ඒ මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය. 

කලබල කළොත් ….. පුජිත පුජා පවත්වන්න හොඳට දන්නවා !  වික්‍රමබාහු කියයි 

රටේ ඕනෑම පුද්ගලයෙකුට තම අදහස් ප්‍රකාශ කිරීමට උද්ඝෝෂණය කිරීමට අවස්ථාව උදා වී ඇති නමුත් ජාතිවාදය, ආගම්වාදය ඇති කිරීමට අවස්ථාවක් නොමැති බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි. 

අල ගොවියාට උපරිම මිලක් දෙන්න ලංකා සතොස සූදානම් – අමාත්‍ය රිෂාඩ් කියයි

දේශීය අර්තාපල් ගොවියාට සිය අස්වැන්න සඳහා සාදාරණ මිලක්  ලබාදීමේ අරමුණින් ඔවුන්ගේ නිශ්පාදන ලංකා සතොස හරහා මිලදී ගැනීමට කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.