16 May 2024

අපි ගෙන්නේ සරළ බදු ක්‍රමයක් – ගෝඨා කියයි

සරළ රජයක් යටතේ සරළ බදු ක්‍රමයක් ගෙන බව පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ පැවසුවේ අද (21)  බෙලිඅත්ත ජනරැළිය අමතමින්.

ප්‍රතිපත්ති ප්‍රකාශය – ගෝඨාගේ 25 ! අනුරගේ 26 ! සජිත්ගේ 01 වනදා

2019 ජනාධිපතිවරණයට අදාල ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු අතර මෙවර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් වන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත් ප්‍රකාශය ලබන 25 වනදා ඉදිරිපත් කරන බව වාර්තා වේ.

රටේ තීන්දු තීරණ ගන්නේ ජනතාවයි – චන්දීම කියයි

ප්‍රජාත්‍රන්ත්‍රවාදය අනුව රටේ තීන්දු තීරණ ගන්නෙ රටේ ජනතාවයි. අතලාස්සක් ජනතාව‍ගෙන් පත් වෙච්ච විවිධ බලාපොරොත්තු තියන දේශපාලඥයන් නොවේ පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

ගෝඨාව ලබන 16 දින විජයග්‍රහණය කරනවා – දුමින්ද කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පහුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ලබා දුන් සියළුම ඡන්ද ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දෙන ලෙසත්,එළැඹෙන නොවැම්බර් මස 16 වැනි දින ගෝඨාභය රාජපක්ෂ මහතා විජයග්‍රහණය කරවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍යය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

සජිත් අතිවිශිෂ්ඨ දුර්ලභ නායකයෙක් – ඇමැති කිරිඇල්ල

සජිත් ප්‍රේමදාස මහතා මහා බ්‍රිතාන්‍යයේ උපාධිධාරියෙක්වන අතර ලංකාවේ පාර්ලිමේන්තුවේ වසර 20ක අත්දැකීම් තියෙන හම්බන්තොට ගොවියගේ සිට කොළඹ ව්‍යාපාරිකයාද සමග සම්බන්ධතා ඇති අතිවිශිෂ්ඨ දුර්ලභ නායකයෙක් බව මහනුවර දිස්ත්‍රික් නායක, සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

මානසිකව වැටුණ බුද්ධි අංශය තම රජයක් යටතේ ශක්තිමත් කරනවා – ජනපති අපේක්ෂක ගෝඨාභය

නැවතත් බුද්ධි අංශ ශක්තිමත් කරලා ආරක්ෂක වැඩ පිළිවෙල යොදලා ඔබට නැවත සුරක්ෂිත රටක් භරදෙන බව සදහන් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

බ්‍රිගේඩියර් ප්‍රියංකගේ නඩුව ලබන 19 වනදා කල් යයි

බ්‍රිගේඩියර් ආඬිගේ ප්‍රියංක ඉඳුනිල් ප්‍රනාන්දු එරෙහිව මජුරාන් සතානන්දන් නඩුව විභාග කිරීම ඊයේ (18) වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් උසාවියේදී ආරම්භ වු අතර එය විභාග ක්‍රියාදාමය තුළදී, පැමිණිලි පක්ෂය විසින් සාක්ෂි ලබාදීම සහිතව පුද්ගලික නඩු පැවරුම පිළිබඳ නඩුව උසාවිය විසින් විභාග කෙරිණ.

OPPO Reno2 අතිසුපැහැදිලි දුරකතනය දැන් වෙලෙද පොලේ

OPPO Reno2 ත්‍ දුරකථනය ශ්‍රී ලංකා වෙලෙඳද පොළට හඳුන්වා දීම පසුගියදා කොළඹදී සිදු කෙරිණි. මෙම දුරකථනය OPPO සමාගමේ අතිශයින් ජනප‍්‍රිය දුරකථන මාලාවක් වන OPPO දුරකථන අතරට එක්වන අලූත්ම මාදිලියයි. ඡායාරූපකරණය ඔස්සේ නිර්මාණශීලීත්වය පුබුදුවාලීමට උපකාරී වන අතිනවීන තාක්ෂණයන් හා විශේෂාංග රාශියක් මීට ඇතුළත් වී ඇත.

දිපාවලි අත්තිකාරම් මුදලට තොණ්ඩමන්ගෙන් බාධාවක් – මන්ත්‍රී තිලකරාජා කියයි

අහිංසක වතුකම්කරුවන්ට ලබාදෙන දීපාවලී අත්තිකාරම් මුදල ලබාදීම වැලැක්වීමට ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් කටයුතු කරමින් සිටින බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. තිලකරාජා මහතා පවසයි.

සජිත් මෙරට හත්වන ජනපතිවරයා වනවාමයි – රන්ජන් කියයි

ධනපති නියෝජිත ගෝඨාභය රාජපක්ෂ මහතා පරදවා පීඩිත පංතියේ ගැලවුම්කාර වීරයා වන සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී සියයට පනස් එකකට (51%) වැඩියෙන් ඡන්දය ලබා මේ රටේ හත්වැනි ජනාධිපතිවරයා වශයෙන් පත්වීම කිසිම කෙනෙකුට වැළැක්වීමට නොහැකි යැයි මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.