20 May 2024

මගේ නිල නිවසේ දේශපාලන සාකච්ඡාවක් වුණේ නෑ – කථානායක

ගරු කථානායක කරු ජයසූරිය මහතාගේ සහභාගීත්වය ඇතිව කථානායක නිල නිවසේ හෝ වෙනත් කිසිදු ස්ථානයක නොපැවැත්වුණු බව සහ කරු ජයසුරිය මහතාගේ අනු දැණුම ඇතිව වෙනත් කිසිවෙකු විසින් හෝ ඔහු වෙනුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් සම්බන්ධව එවන් ඉල්ලීමක් සිදු කර නොමැති බව කථානායක කරු ජයසුරිය මහතාගේ මාධ්‍ය අංශය පවසයි.

ගිනි අවි ලියාපදිංචිය : අයදුම්පත් අන්තර්ජාලයෙන් !

ගිනි අවි බලපත්‍ර අයදුම්පත සහ පුද්ගලික ආරක්ෂක ආයතන ලියාපදිංචි අයදුම්පත අන්තර්ජාලය ඔස්සේ ලබාගැනීමට ආරක්ෂක අමාත්‍යංශය විසින් පහසුකම් සළසා ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශයේ 1360 කට පත්වීම් !

සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නැංවීමට පියවර ගනිමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණ පෙරදැරිව සෞඛ්‍ය හා දේශීය වෛද්‍යසේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණඅමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ උපදෙස් අනුව සෞඛ්‍ය සේවාවේ පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවේ සහ පුහුණු අභ්‍යාසලාභීන් 1360 කට පත්වීම් ලිපි ප්‍රධානොත්වය  ඊයේ (20) සිදුවිය.

විදුලි මීටරයත් ස්මාර්ට් වෙයි !

නිවෙස්වල  මෙන්ම විවිධ ආයතන සඳහා විදුලිය ලබා ගැනීමේ දී දැනට භාවිතා කරන විදුලි මීටර්වලින් නොයෙකුත් අක්‍රමිකතා සිදු කළ හැකි වෙනවා මෙන්ම එම මීටර් භාවිතයේ දී ද මනු කියවන්නන් හට ද විවිධ ගැටළුවලට මුහුණ දීමට සිදුව ඇති අතර එම තත්ත්වය මඟ හැරීමට  පහසුකම් රැසක් සහිත නව ස්මාර්ට් විදුලි මීටරයක් හඳුන්වා දීමට අර්ධ රාජ්‍ය ආයතනයක් වන ලංකා […]

බුර්කාව තහනම් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ !

සම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන බුර්කාව වැනි මුහුණු ආවරණ වහා තහනම් කරන ලෙසත් , වාර්ගික හා ආගමික පදනමින් දේශපාලන පක්ෂ ලියාපදිංචිය අත්හිටුවන ලෙසත් ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට  යෝජනා කර ඇත.

බස් රථ රියදුරන් සඳහා සෞදියේ ආකර්ශනීය රැකියා අවස්ථා

සෞදි අරාබියේ බස් රථ රියදුරන් වශයෙන් සේවය කිරීම සඳහා ශ්‍රි ලාංකිකයින් බඳවා ගැනීම සඳහා අවබෝධතා ගිවිසුමට අදාළ මූලික එකගතාවයන්ට පසුගියදා එළැඹුන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඩේටා මාෆියාවක් ගැන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය කියයි

ශ්‍රී ලංකාවට ඩිජිටල් ලෝකය ජයගන්නට තිබෙන ප්‍රධාන බාධාව වන්නේ යම් අන්තර්ජාල සේවා සපයන සමාගම් විසින් සිදුකරගෙනු යනු ලබන ඩේටා මාෆියාව හේතුවී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

රට තුළ කිසිදු මූල්‍ය අර්බුදයක් නැහැ… සියළු ගෙවීම් මීළග බහුතර පාර්ලිමේන්තුවකින් – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්

අකාර්යක්ෂම මූල්‍ය පාලනය හේතුවෙන් පසුගිය පාලන සමය තුළ ගෙවා ගත නොහැකි වූ ඉදිකිරීම් ඇතුළු ක්ෂේත්‍ර රැසකට අදාළ වියදම් පියවීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂය විරෝධය පළ කිරීම කණගාටුවට කරුණක් බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණදීර පත් කෙරේ

ජ්‍යෙෂ්ඨ නීතිඥ හරිගුප්තා රෝහණදීර මහතා ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබ තිබේ.