20 May 2024

ගල්වලින් පහරදී අයෙකු මරුට

දන්කොටුව, ඇටියාවල ප්‍ර දේශයේදී පුද්ගලයෙකුට හිසට ගල්වලින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල වී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

ලෝක් ඩවුන් කරන්නේ නෑ – හමුදාපති ශවේන්ද්‍ර

පවතින කොරෝනා වෛරස් තත්ත්වය අනුව රට වැසීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුධ හමුදාපති, කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සභාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

පාසල්වල විවිධ උත්සව පැවැත්වීම අත්හිටුවන්න -අධ්‍යාපන ලේකම්ගෙන් උපදෙස්

පාසල්වල සියලු උත්සව පැවැත්වීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවන ලෙස සඳහන් කරමින් අධ්‍යාපන ලේකම්වරයා සියලු පළාත් කලාප කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් සහ පරිවේණාධිපතිවරුන් හා විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලිපියක් නිකුත් කොට ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

මහා නගර සභා, නගර සභා ආඥා පනත් සහ ප්‍රාදේශීය සභා පනතේ යෝජිත සංශෝධන කඩිනම් කරන්න – අගමැති

මහා නගර සභා, නගර සභා ආඥා පනත් සහ ප්‍රාදේශීය සභා පනතේ යෝජිත සංශෝධන කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

O/L විභාගය සඳහා අධ්‍යයන නිවාඩු 17 වනදා සිට – අධ්‍යාපන අමාත්‍යංශය

අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 පෙනී සිටින සිසුන් සඳහා ලබන 17 වනදා සිට 25 වනදා දක්වා අධ්‍යයන නිවාඩු ලබාදීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ව්‍යවසායකයින් අඩුම රට අපේ රටයි බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර කියයි

ජනතාව යැපුම් මානසිකත්වයෙන් ඉවත්කොට අපේ රටට අවශ්‍යදේ මෙරටදී නිෂ්පාදනය කලයුතු වන බව වේවැල්, මැටි, පිත්තල, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි.

Oxford -AstraZeneca එන්නත අද සිට ජනතාවට

Oxford -AstraZeneca එන්නත අද (15) සිට ජනතාවට ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.

කළුකැලේ ගම්මානය අදුරින් -එළිය කිරීමට රාජ්‍ය ඇමැති දුමින්දගේ සුදානමක්

මිනිපේ කඳු මුදුනක පිහිටි කළුකැලේ ගම්මානය අදුරින් -එළිය කිරීමට එම ගම්මානයේ විදුලි අවශ්‍යතාව සපුරාලීම සම්බන්ධයෙන් සොයා බැලීමට රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

පාසල් දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැලැක්විමට වේගවත් වැඩසටහනක් ක්‍රියාත්මක කල යුතුයි – අමාත්‍ය සරත්

මත්ද්‍රව්‍ය දුර්භාවිතය හා වැළැක්වීම සඳහා සැලසුම් කර ඇති ක්‍රියාදාමයේ එක් අංගයක් ලෙස පාසල් දරුවන් ඉලක්ක කරගත් වේගවත් වැඩසටහනක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.