8 May 2024

කොළඹ මහා නගර සභා වරිපනම් බදු ගෙවීමේ කාලය දිර්ඝ වෙයි

කොළඹ මහා නගර සභාව දෙවන කාර්තුව සඳහා වරිපනම් බදු ගෙවීමේ අවසන් දිනය ලබන 31 වනදා දක්වා දිර්ඝ කර ඇති බව නාගරික කොමසාරිස් නිතීඥ රෝෂණි දිසානායක පවසයි.

සංචාරක මාර්ගෝපදේශක හැඳුනුම්පත අවභාවිත නොකරන්න – ඇමැති ප්‍රසන්න

සංචාරක මාර්ගෝපදේශක හැඳුනුම්පත අවභාවිත කරන මාර්ගෝපදේශකයින් ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිළධාරීන්ට උපදෙස් දී ඇත.

ජනතාවට සහන දෙන්න බැසිල් අපට උපදෙස් දෙනවා – රාජ්‍ය ඇමැති ඉන්දික කියයි

ඉන්ධන මිල අඩු වැඩි වීම රජයට කෙසේ බලපෑවත් ජනතාවට සහන ලබා දීමට රජය කටයුතු කරන බවත්, දේශපාඥයින්ගේ පටි තද කර ජනතාවට සහන ලබා දෙන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අපට උපදෙස් ලබා දුන් බව ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

කේරළ ගංජා තොගයක් සමග සැකකරුවෙකු වෙත්තලකේණි ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් පසුගිය 22 වනදා වෙත්තලකේනි, කඩේයිකාඩු වෙරළ ප්‍රදේශයේ සිදුකරන ලද විශේෂ පාමුර සංචාරයකදී කේරළ ගංජා කිලෝ 107 ග්‍රෑම් 840 ක පමණ ප්‍රමාණයක් සමග සැකකරුවෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුුතු කර ඇත.

රටට ඩොලර් ගෙනෙන්න අපනයන නිෂ්පාදන කර්මාන්තපුරයක් -ඇමැති විමල්

සංචාරකයන් ඉලක්ක කරගත් තායිලන්තයේ බැංකොක් පන්නයේ සංචාරක වෙළදපොළක් සමඟ දේශීය අපනයන නිෂ්පාදන තොග වෙළදාම ද සහිත කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට සමීප කටාන ප්‍රදේශයේ ඉදි කෙරෙන ‘අපනයන නිෂ්පාදන කර්මාන්තපුරය’ මගින් රටට කඩිනමින් විදේශ විනිමය ගෙන ඒම තම අරමුණ බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඉපලෝගම පොල් පැළ බෙදා දීම රාජ්‍ය අමාත්‍ය දුමින්දගේ ප්‍රධානත්වයෙන්

පොල් පැළ ලක්ෂ 40 ක් දිවයින පුරා සිටුවීමේ ” දොරින් දොරට කප්රුක ” ජාතික වැඩසටහන යටතේ ඉපලෝගම ගොවිජන සේවා කාර්යාලයේදී පොල් පැළ බෙදා දීම රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මුහුදු කූඩැල්ලන් වගාවෙන් රැකියා අවස්ථා 40000 ක් – ධීවර ඇමති

ඉදිරි වසර තුනේදි උතුරු පළාතේ මුහුදු කූඩැල්ලන් වගාව තුළින් රැකියා අවස්ථා 40000 ක් හා විදේශ විනිමය රුපියල් මිලියන 200 කට අධික මුදලක් නිපදවීමට තම අපේක්ෂාව බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.

මීගමුවේ එන්නත්කරණ පළමු මාත්‍රාව ලබාදීම සියයට 80 ක් අවසන් බව ලාන්සා කියයි

මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය තුළ එන්නත්කරණය සිදු කළ හැකි වයස් සීමාවේ සිටින සියයට 80 කට වැඩි පිරිසකට පළමු මාත්‍රාව ලබා දී අවසන් කර ඇති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අක්තපත්‍ර භාරදෙති

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස්වරයෙක් ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද (22) පෙරවරුවේ සිය අක්තපත්‍ර භාර දුන්හ.

එන්නත ලබා නොගත් පාසල් කාර්යමණ්ඩලයට දැනුම්දීමක්

විදුහල්පතිවරුන්, ගුරුවරුන්, අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා කොවිඩ් 19 එන්නත්කරණය මේ වනවිට පළාත් මට්ටමෙන් ඉතා සාර්ථක ව සිදුවෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.