20 May 2024

ඇමැති නිමල්ගේ ආසනයට නව කම්කරු කාර්යාලයක් පිහිටුවයි

රුපියල් මිලියන 268 ක වියදමින් මහල් හතරකින් යුක්ත නව ඌව පළාත් කම්කරු කාර්යාලයේ ඉදි කිරීමේ කටයුතු මේ වනවිට සියයට හැත්තෑවක්(70%) පමණ අවසන් කොට ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ජනතාව අපහසුතාවයට පත් නොකල යුතුයි – මුදල් ඇමැති බැසිල්

වසංගතය හමුවේ රට යම් අසීරුතාවකට පත්ව තිබෙන මේ මොහොතේ ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයට කටයුතු කිරීම මහජන නියෝජිතයින්ගේ හා නිලධාරීන්ගේ වගකීමක් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

රජයේ සේවකයින්ගේ පඩි වැඩි කරන්නම් රජයේ ආදායම වැඩි කරන්න ඕන – ඇමැති බන්දුල

රාජ්‍ය බදු ආදායමින් සියයට 86ක් රාජ්‍ය සේවක හා විශ්‍රාම වැටුප් ගෙවීමට වැය කරන බවත් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට නම් මහජනතාව මත පනවන බදු ප්‍රමාණය වැඩි කිරීම, රාජ්‍ය දේපළ විකිණිම හෝ ණය ගැනීම කළ යුතු බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

TTV මාධ්‍ය නව පෙරළියකට ALCAP සමඟ ගිවිසුම් ගතවෙයි

දකුණු ඇමරිකාව සම්බන්ධ වූ ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ චිත්‍රපට / වාර්තාමය සම නිෂ්පාදනය හා ශ්‍රව්‍ය දෘශ්‍ය හුවමාරුව වෙනුවෙන් ALCAP සහ TTV මාධ්‍ය ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් පසුගියදා අත්සන් තැබුවේය.

මානව හිමිකම් කඩකිරීම් සිදුව ඇති දැයි විමර්ශනයට පත්කළ කොමිසමේ අතුරු වාර්තාව ජනපතිට භාරදෙයි

මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිසම් සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම සිය අතුරු වාර්තාව ඊයේ (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දුන්නේය.

සයිනෝෆාර්ම් හොඳම එක කියලා කියන්න බෑ – රවි කුමුදේශ්

 සයිනෝෆාර්ම් එන්නත පිළිබදව පමණක් සිදු කරනු ලබන පර්යේෂණයකින්, එය ලොව ඇති හොදම එන්නත බවට තහවුරු වෙන්නේ නැති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

හජ් උත්සවය අදයි

ලොවපුරා ඉස්ලාම් බැතිමතුන් අද (21) හජ් උත්සවය සමරනු ලබයි.

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත් වෙයි

කොරෝනා වසංගත තත්ත්වය තුළදී ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහිව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව අද (20) වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය.

කොවිඩ් මර්දන කටයුතුවලට දිස්ත්‍රික්ක 09 කට වෑන් රථ බෙදාදෙයි

කොවිඩ් මර්දන හා පාලන කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සහ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ අරමුණ ඇතිව NISSAN URVAN වර්ගයේ වෑන් රථ 09 ක් පළාත් අතර බෙදාදිම අද (20) දින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශයේ දී සිදු කෙරිනි.