9 May 2024

ලෝකෙම ඉදිරියට යන නමුත් ආණ්ඩුව එකතැන – විපක්ෂනායක සජිත්

වත්මන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව එක තැන කැරකී කැරකී සිටින බවත් ලෝකය ඉදිරියට ගියත් අපේ රට එක තැන නැවතී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

දෘශ්‍යාබාධිත උපකරණ ආනයන සීමා ලිහිල් කළා – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව ආනයනය අත්හිටවූ භාණ්ඩ ආනයනය, ප්‍රමුඛතාව මත ලිහිල් කිරීමට රජය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අධ්‍යාපන ඇමති හා ජපන් තානාපතිවරයා අතර හමුවක්

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි (Mizukoshi Hideaki) මහතා අතර හමුවක් නිපුණතා පියසේ දී සිදු විය.

ඇමැති නිමල් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ 41 වන සැසි වාරය අමතයි

පසුගිය දශකයේ ගුවන් සේවා කේෂත්‍රයේ සියලු අංශ වලින් 4.5% ක වර්ධනයක් පෙන්වීමට හැකි වූ බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරයි.

මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් දීපව්‍යාප්ත ශාඛා ජාලයට මීගමුවත් එක්වෙයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දෙවැනි වැඩිම දායකත්වය ලබාදෙන ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධානතම ආර්ථික මධ්‍යස්ථානයක් වන මීගමුව නගරයේ තම ශාඛාවක් විවෘත කිරීමට මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගම පසුගියදා කටයුතු කළේ ය.

සමාජ සුබ සාධනය කප්පාදු කිරීමට කිසිදු සූදානමක් නැහැ – වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන්

සුබ සාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුසු තැනැත්තන් හඳුනා ගැනීමේ වැඩසටහන යටතේ දැනට ප්‍රතිලාභ ලබන කිසිදු පාර්ශ්වයකට එය අහිමි වී යාමේ අවධානමක් නැතැයි වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

INSEE සිමෙන්ති, අභියෝගාත්මක කාලවල දී පවා ප්‍රජා සංවර්ධනය වෙනුවෙන් සිය අඛණ්ඩ සහාය ලබා දෙයි

ශ්‍රී ලංකාවේ විශාලතම සහ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම ප්‍රතිලාභීන් 500,000 කට අධික සංඛ්‍යාවකට සහයෝගය ලබා දෙන, ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති ගණනාවක ආයෝජනය කරමින් 2022 වසරේ පළමු භාගය අවසන් කළේය.

ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය ඉදිරියට – ජනපති සහ පිලිපීන ජනපති හමුවෙයි

ආසියානු කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගනිමින් ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය ඉදිරියට ගෙනයාමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අඩු ආදායම්ලාභී නිවාස 25,000ක් සදහා සූර්ය පැනල මගින් විදුලිය ලබාදීමේ ව්‍යාපෘතියක් – ඇමති ප්‍රසන්න

අඩු ආදායම්ලාභී නිවාස 25,000ක් සදහා සූර්ය පැනල මගින් විදුලිය ලබාදීමේ ව්‍යාපෘතියක් ඇරඹීමට නියමිත බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ශ්‍රී ලංකා ජාතික රෝහලේ පරීක්ෂණ රැසක් නවති – රවි කුමුදේශ්

ශ්‍රී ලංකා ජාතික රෝහලෙහි බොහෝ ජීව රසායන පරීක්ෂණ, ඒ සදහා ප්‍රතික්‍රීයක නොලැබීම නිසා නවතා දමා ඇති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.