19 May 2024

ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයින්ට කොරියාවේ රැකියා අවස්ථා දෙගුණ කෙරේ

කොරියානු රැකියා සඳහා මෙම වසරේ බඳවා ගැනෙන ශ්‍රී ලාංකීය පුහුණු සේවකයින් ප්‍රමාණය වෙනත් වසරවලට සාපේක්ෂව දෙගුණ කර ඇතැයි කොරියානු ජනරජයේ කම්කරු හා රැකියා අමාත්‍ය ලී ජුන්ග්සික් පැවසු බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට තරුණයිනි පෙරට එන්න – විපක්ෂ නායක සජිත්

පාස්කු ප්‍රහාරය හේතුවෙන් සිය ජීවිත අහිමි වූ පවුලේ අය අහිමි වූ ඥාති මිත්‍රාදීන් අහිමි වූ ඒ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය වෙනුවෙන් සැම දෙනාම එකට එක්වී සිය යුතුකම කල යුතු බවත් රජය මේ සම්බන්ධයෙන් සත්‍ය හෙළි නොකරන්නේ නම් මෙහි සැබෑ යථාර්ථය හා සත්‍ය සොයා ගැනීමට මෙරට තාරුණ්‍යය සවිබල ගන්වා ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රියාමාර්ගවලට එළැබීමට සූදානම් බවත් විපක්ෂ නායක සජිත් […]

කියුබානු – ශ්‍රී ලංකා රාජ්‍ය නායකයන් හමු වෙයි

“G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා කියුබාවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස් කැනෙල් බර්මියුඩෙස් (Miguel Díaz-Canel Bermudez) මහතා අතර නිල හමුව ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (14) පස්වරුවේ සිදු විය.

ජනවරමක් නැති රනිල් ඊළඟ ජනාධිපතිවරණයට එන්නේ නෑ -මන්ත්‍රී මරික්කාර්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊළඟ ජනාධිපතිවරණයට එන්නේ නැති බවත් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ජනපති වුණ රනිල් වික්‍රමසිංහට ජනමතයක් නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පවසයි.

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස කොන්ත්‍රාත් පදනම මත දීර්ඝ කිරීමට පියවර

රටේ ඇතිව තිබෙන සමස්ත බුද්ධිගලනයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයටද යම් බලපෑමක් සිදුව ඇති හෙයින් එයට තවත් විසඳුමක් ලෙස වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 කාලසීමාවට අමතරව ඔවුන්ගේ කැමැත්ත පරිදි තවත් වසර 02 ක් කොන්ත්‍රාත් පදනම මත ඔවුනට ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

2027 වසරේ මාර්තු වනවිට කොළඹ වාරය නගරයේ අවන්හල් ඉවතට

කොළඹ වරාය නගරයේ ඉදිකොට තිබෙන අවන්හල් සියල්ල කොළඹ වරාය නගර ආර්ථිකයට අනුබද්ධිත විනෝදාස්වාදී ක්‍රියාකාරකම් යටතේ පවත්වාගෙන යනු ලබන අතර එසේ ඉදිකර ඇති අවන්හල් 2027 වර්ෂයේ මාර්තු මාසය වන විට ඉවත් කරන බව කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ සාමාජිකයින් පවසයි.

මාතලේ මදුරුවන් බෝවිම වැලැක්විමට දුමායන කටයුතු සිදු කෙරේ

වැසි සමයත් සමග ඩෙංගු මදුරුවන් බෝවිම වැලැක්විම සදහා මාතලේ මහ නගර සිමාවේ ශ්‍රමදාන සහ පවිත්‍රා සිදු කිරිම් අඛණ්ඩව සිදු කරන බව මාතලේ මහ නාගරික කොමසාරිස් යුරේෂ් නිශාන්ත මාදුවගේ මහතා පවසයි.

පාස්කු කොමිෂන් වාර්තාවෙන් හෙළි වූ රහසිගත සත්‍ය සඟවයි – විපක්ෂ නායක සජිත්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කල ජනාධිපති කොමිසමේ වාර්තාව රජයෙන් ඉල්ලූ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අනුගමනය කළ ආකාරයටම එහි රහස් සැගවී ඇති දෙවැනි හා තෙවැනි වෙළුම වත්මන් ජනාධිපතිවරයා විසින් තමාට පවා ලබා ගත නොහැකි ලෙස සඟවා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අපේ පක්ෂය පොදු අරමුණු වෙනුවෙන් වැඩ කරන්නේ – මන්ත්‍රී රංජිත්

අප පක්ෂය පුද්ගල වාසි අරමුණු කරගෙන ජයග්‍රහණය මෙහෙය වන පක්ෂයක් නොවන බවත්, අපගේ දේශපාලන ව්‍යාපාරය මෙහෙයවනු ලබන්නේ පොදු අරමුණු ඉලක්ක කරගෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මහතා පවසයි.