15 May 2024

කෙහෙලිය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කල කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යොමුකර තිබේ.

නඩු අසන එක මාධ්‍ය නතර කළහොත් අපට පුළුවන් මේ රට නිවැරදි දිශාවකට ගන්න – මන්ත්‍රී මහාචාර්ය රංජිත්

අප රටේ අවාසනාවට මේ සාම්ප්‍රදායික මාධ්‍යට එහා ගොස් සම්ප්‍රදායික නොවන මාධ්‍ය මේ වන විට නඩු අසන වගකීම භාරගෙන තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

ප්‍රතිසංස්කරණය කළ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ජනපති අතින් විවෘත කෙරේ

“ජාතික ක්‍රිකට් සංවර්ධන ගමන් මඟ” ජාතික වැඩසටහනට සමගාමීව දඹුල්ල ක්‍රීඩාංගණයේ ස්ථාපිත කළ ‘විශිෂ්ටත්වයේ කේන්ද්‍රය” විවෘත කිරිම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පස්වරුවේ සිදු විය.

මැතිවරණ වෙනුවෙන් රුපියල් බිලියන 10 ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි

2024 වර්ෂය සඳහා වන අයවැය ඇස්තමේන්තු මඟින් රුපියල් බිලිය 10 ක් මැතිවරණ පැවැත්වීම වෙනුවෙන් වෙන් කර කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.

රටේ ජනතාවගේ සින්නකර ඉඩම් අයිතිය තහවුරු කිරීමට ලැබීම ආණ්ඩුව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් – ජනපති

ඉඩම් අයිතිය ඉල්ලා ලෝකයේ විප්ලව රැසක් සිදු වූවද විප්ලවයකින් තොරවම මෙරට ජනතාවගේ ඉඩම් අයිතිය ලබා දීමට හැකිවීම වත්මන් ආණ්ඩුව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අනුර දිසානායක, ඉන්දියානු රජයේ ජාතික ආරක්ෂක උපදේශකවරයා හමුවෙයි

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අද (05) පස්වරුවේ ඉන්දියානු රජයේ ජාතික ආරක්ෂක උපදේශක Ajit Doval මහතා හමුවිය. මෙම හමුව Sardar Patel Bhavan හිදී සිදුවිය.

නිදහස් උත්සවයත් රටේ ජනතාවට තහනම් නම් එහි නිදහස කෝ – විපක්ෂ නායක සජිත්

76 වැනි නිදහස සැමරීම විහිලුවක් බවත් නිදහස් දින ජාතික උත්සවයට රටේ පොදු ජනතාවට සහභාගී වීමට නොහැකි ලෙස අවහිර කර තහනම් කර ඇති නම් එහි නිදහසක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අනුර කුමාර දිසානායක, ඉන්දිය විදෙස් ඇමැති හමුවෙයි

ඉන්දියානු විදේශ අමාත්‍යාංශයේදී ඉන්දියානු විදේශ ඇමති ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (05) පෙරවරුවේ සිදුවිය.

චීනයේ නියෝජ්‍ය තානාපති සූ යන්වෙයි, කථානායක මහින්ද යාපා හමුවෙයි

ශ්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය තානාපති සූ යන්වෙයි (Zhu Yanwei) මහතා පසුගිය 02 වනදා පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.

නාමල් උයනේ සිට සීගිරිය දක්වා පා ගමනක් ලබන 08 වනදා –  වනවාසී රාහුල හිමියන්

ජාතික නාමල් උයනේ 33 වැනි සංවත්සරයට සමගාමීව ජපන් ජනතාව විසින් සංවිධානය කරන පා ගමනක් පෙබරවාරී මස 08 වැනි දින නාමල් උයනේ සිට සීගිරිය දක්වා ආරම්භ වන බව නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පැවසූහ.