16 May 2024

දිවයිනට ආපු ගෝඨා එළියට බහින්නේ අලුත් සන්ධානයත් එක්ක

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනිම සඳහා සිංගප්පූරුව බලා ගිය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (23) රාත්‍රී 11 ට පමණ යළි මෙරටට පැමිණ තිබේ.

දේශීය ආර්ථිකය නංවන වැඩපිළිවෙලක් කරන බව බැසිල් කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ ඉදිරි රජයකදී සමුපකාර අංශය ශක්තිමත් කර ජනතාවට සහන සැලසීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

තාක්ෂණ පීඨ සේවක තනතුරුධාරීන්ට වාරාන්තර නිවාඩු අනුමත කිරීමේ බලය විදුහල්පතිවරුන්ට 

ජාතික පාසල්වල තාක්ෂණ පීඨ සේවක තනතුරුධාරීන්ට වාරාන්තර නිවාඩුකාලවල දී පාසල් රාජකාරීවලට බාධා නොවන අයුරින් නිවාඩු ලබාදීමේ අභ්‍යන්තර වැඩපිළිවෙළක් සකස් කරදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී තිබේ.

පසුපෙළ සජිත් ඉල්ලයි ….. ජ්‍යෙෂ්ඨයින්ගේ යෝජනාව…….කරු….ද?

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩයම් ඊයේ (22) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී මීලඟ එජාපයේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ සජිත් ප්‍රේමදාස බවට සාතිශය බහුතරය විසින් දැඩි තීන්දුවක් ගෙන තිබේ.

මානිප්පායි සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 3ක් අත්අඩංගුවට

මානිප්පායි, ඉනුවිල් ප්‍රදේශයේ නිවාස කිහිපයකට පහරදීමට තියුණු ආයුධ සමඟ ආවා කල්ලියේ යැයි සම්බන්ධ තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

තමා පිටකොන්දක් ඇති ඍජු නායකයෙක් බව ජනපති කියයි

තමා පිටකොන්දක් නොමැති නායකයෙකු ලෙස පෙන්වීමට ඇතැම් අය උත්සාහ කළ ද තමා පිටකොන්දක් ඇති ඝෘජු නායකයෙකු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (22) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේ පැවති “සත්විරු අභිමන් 2019” රණවිරු සුබසාධන ප්‍රතිලාභ ප්‍රදානය කිරීමේ උත්සවය අමතමිනි.

ඩිජිටල් ගුරුවරයෙක් දෙන බව අධ්‍යාපන ඇමැති කියයි

වෙනස්වන ලෝකයට අලුත් දැනුම සමඟ යා යුතු බවත්, ඒ වෙනුවෙන් පහසුවෙන් සහාය කරගත හැකි, වේගයෙන් නව දැනුම ලබාදීමට සමත් ඩිජිටල් ගුරුවරයෙක් ළඟදීම පාසල් දරුවන්ට ලබාදීමට සියලු කටයුතු සූදානම් ව පවතින බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

කුළුදුල් ඡන්දය අහිමි කිරීමේ කුමන්ත‍්‍රණයක් – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

2019 වසරේ ලියාපදිංචි ඡන්ද නාම ලේඛනය වෙනුවට 2018 වසරේ ලියාපදිංචි ඡන්ද නාම ලේඛණය ඉදිරි මැතිවරණ සඳහා උපයෝගි කරගැනීම නිසා තුන් ලක්ෂ විසි හත් දහසක් තරුණයින්ගේ ඡන්ද ඔවුනට අහිමි වීමේ අවදානමක් මතු වන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

වෘත්තිය මාර්ගෝපදේශ සඳහා CareerMe ජංගම යෙදුම

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ජංගම යෙදුමක් දියත් කරමින් රට පුරා සිටින සිසුන්ට නොමිලේ වෘත්තිය මාර්ගෝපදේශ ලබා ගැනීම පහසු කරන නව ජංගම යෙදුම පසුගිය (18)ජාතික මානව සම්පත් සංවර්ධන කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන උත්සවයකදී වරාය හා නාවික, දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අතින් ආරම්භ කෙරිණි.

දැල් පන්දු ලෝක කුසලානය නවසීලන්තිය හිමි කර ගනි

2019 වසර සදහා දැල් පන්දු ලෝක කුලසානය දිනා ගැනීමට නවසීලන්තය ඊයේ සමත්විය. එංගලන්තයේ ලිවර්පූල් හි පැවති අවසන් මහා තරගයේදී ඔවුන් ඕස්ට්‍රේලියාව පරාජයට පත් කරනු ලැබුවේ ලකුණු 52 කට 51 ක් ලෙසයි.