9 May 2024

ජනාධිපති කොමිසම වෙතින් මාධ්‍යට විශේෂ නියෝගයක්

මැතිවරණ සමය අවසන් වන තෙක් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති කොමිසමේ සාක්ෂි ලබාදීමෙන් පසු,  පිටතට පැමිණෙන සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම අත්හිටුවන ලෙස මාධ්‍ය වෙත දැනුම් දීමක් සිදුකර ඇත.

හොරෙන් එතනෝල් ඇද්ද සුරාබදු සැරයන් ගැන පරීක්ෂණ ඇරඹේ

නීතිවිරෝධී ලෙස එතනෝල්  ප්‍රවාහනය කරමින් සිටිය දී අත්අඩංගුවට ගත් සුරාබදු දෙපාර්තමේන්තුවේ සැරයන්වරයා සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මැතිවරණ කටයුතු සියළු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදනය අනුවයි – මැ.කො.ජනරාල් කියයි

සෞඛ්‍ය අංශ විසින් නිර්දේශිත සියළු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව 2020 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා පවසයි.

අවුරුදු 60 අයෙකු ළග ගංජා හා අයිස් තිබි අත්අඩංගුවට

පෑලියගොඩ, දිප්පිටිගොඩ, කැළණිය ප්‍ර දේශයේ නිවසකදී වයස අවුරුදු 60 අයෙකු කොළඹ මධ්‍යම කොට්ඨාස දුෂණ මර්ධන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කාර්යාලය පවසයි.

පාතාලය මැඩීම විධිමත් වෙයි – අලුත් email ලිපින සහ Fax අංක ජනතාව අතට

සංවිධානාත්මක අපරාධකරුවන් සහ විිෂ මත්ද්‍රව්‍ය  සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා පොලිසිය විසින් ඊයේ (27) දිනයේදී හඳුන්වාදුන් විශේෂ දුරකථන අංක දෙකට අමතරව පොලිස් මුලස්ථානය අද( 28) තවත් විශේෂ විද්‍යුත් තැපැල් ලිපිනයන් දෙකක්, ෆැක්ස් අංකයක් සහ ලිපිනයක් මහජනතාව වෙත හඳුන්වා දෙනු ලැබිණ.

මැතිවරණ පැමිණිලි ප්‍රමාණය ඉහළට

ගතවූ පැය 24 තුළ අගෝස්තු 05 පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට අදාළව  පැමිණිලි 164 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

දුරකතනයට ගිය අලි 115ක් දොට්ට දමයි

  සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉදිරි මැතිවරණය සඳහා නාමයෝජනා බාරදුන් සාමාජිකයින් 54 දෙනෙකුගේ සහ පළාත් පාලන ආයතනවල එජාප මන්ත්‍රීවරු 61 දෙනෙකු එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය දී තිබේ.

ළමා ආරක්ෂණය වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩි අවධානය යොමුවේ

ළමා  අපයෝජනයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.