20 May 2024

වජිරගෙන් නවීන්ට ටොක්කක්

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තමන්ට අවශ්‍ය බවට එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය  නවීන් දිසානායක  විසින් පසුගියදා  කරන ලද ප්‍රකාශයට එම  පක්ෂයේම හිටපු අමාත්‍ය  වජිර අබේවර්ධන  විරෝධය පළ කරයි.

රිෂාඩ් සහ රවී CID යති

 හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් වව්නියාව, ඉරට්ට පෙරියකුලම් ප්‍රදේශයේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒකකයට අද (27) පැපැමිණි බව වාර්තා වෙයි.

ණය යෝජනා ක්‍රමයක් පෙන්වා විදෙස්ගත ශ්‍රමිකයන් වෙතින් මුදල් වංචා කළ කල්ලිය කොටු

අත්තර් ජාලය හරහා  ණය යෝජනා ක්‍රමයක් මගින් විදෙස්ගත ශ්‍රමිකයින් හට සහනදායි පොලී අනුපාතයක් යටතේ ණය ලබා දෙන බව පවසා වංචාසහගතව මුදල් ලබා ගත් සැකකරුන් 05දෙනෙක් කිරුළපන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ (26) පිටබැද්දර, නාරාහේන්පිට හා වැල්ලම්පිටිය ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.

විදුලිය නොමැති පවුල්වලට මහමැතිවරණයෙන් පසු නොමිලේ සුර්ය බල විදුලි කට්ටල ලබා දෙනවා – ඇමැති අමරවීර

රටේ තවමත් විදුලි බලය නැති පවුල් 12,500 සඳහා නොමිලේ සූර්ය බල විදුලි කට්ටල ලබා දීම රජය මහමැතිවරණයෙන් පසුව ආරම්භ කරන බව විදුලිබල බලශක්ති හා ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාතය මහින්ද අමරවීර මහතා පවසයි.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් දුන් පොරොන්දු නොපිරිහෙළා ඉටුකරනවා – ජනපති

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් දුන් පොරොන්දු නොපිරිහෙළා ඉටුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු බලය සහ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සහය දෙන්නැයි ජනාධිපතිතුමා ජනතාවගෙන් ඉල්ලා සිටී.

රට විරුවන්ට සුබ පුවතක් – ගෙන්වා ගැනීමේ මෙහෙයුම් සූදානම්

විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ කි‍්‍රයාවලිය රජය විසින් ලබන සතියේ සිට යළි ආරම්භ කරනු ඇතැයි යුද්ධ හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

කොටහේන, මැල්වත්ත ප්‍රදේශයේදී කල වැටලිමකදි හෙරොයින් ග්‍රෑම් 01 මිලිග්‍රෑම් 800 ක් සමඟ සැකකරුවෙකු කොටහේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොවිඩ් අවධානම අවසන් නෑ – වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානියා පවසයි

 සමාජයෙන් කොවිඩ් 19 ආසාදිතයන් හමුවීමේ ඉඩකඩ ඕනෑම අවස්ථාවක  පවතින බැවින් සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අඛණ්ඩව අනුගමනය කළ යුතු බව වසංගත රෝග විද්‍යා අංශයේ  ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

පාසල් වල 1 සිට 13 දක්වා සියළු ශ්‍රේණි – අගෝස්තු 10 සිට වැඩ

එළඹෙන මහ මැතිවරණයෙන් පසු  අගෝස්තු මස 10 වැනිදා සිට සියලූ රජයේ පාසල් පළමු ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සම්පූර්ණයෙන් ආරම්භ කිරීමට මේ වනවිට කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.