9 May 2024

කිසිවෙකුට යටත් නොවී අභිමානයෙන් ජීවත්විය හැකි ණය නැති ආර්ථිකයක් ගොඩනැඟීම තම අරමුණයි – ජනපති

අනුරාධපුර රාජධානී සමයේ ණය ලබා නොගෙන ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟුවා සේ ඉදිරි වසර 05-10 තුළදී කිසිවෙකුට යටත් නොවී අභිමානයෙන් ජීවත්විය හැකි ණය නැති ආර්ථිකයක් ගොඩනැඟීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පාසල්වල පවතින ගුරු හිඟය පියවා ගුණාත්මකභාවයෙන් ඉහළ ගුරුවරයකු පන්ති කාමරයට යැවිය යුතුයි – අධ්‍යාපන ඇමති සුසිල්

පාසල්වල පවත්නා ගුරු හිඟය පියවා ගුණාත්මකභාවයෙන් ඉහළ ගුරුවරයකු පන්ති කාමරයට යැවීමේ මුඛ්‍ය පරමාර්ථයෙන් රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ගෙන් 26,000ක් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමේ තරග විභාගය සඳහා මේ වන විට අයදුම්පත් කැඳවා ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

පුංචි ඡන්දයෙන් පසු සෑම ගමකටම උපදේශක සභාවක් – විපක්ෂනායක සජිත්

සෑම ප්‍රාදේශීය සභාවක්ම, සෑම ග්‍රාමසේවා වසමක්ම නියෝජනය වන පරිදි තරුණ උපදේශන සභාවක් පත්කිරීමට සමගි ජන බලවේගය තීන්දු කොට ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පුරාවස්තු සොයන ස්කෑනර් යන්ත්‍රයක් රැගෙන යමින් සිටි පිරිසක් අත්අඩංගුවට

කින්නියා, උප්පාරු ප්‍රදේශයේ ඊයේ (27) දහවල් කාලයේදී යුද හමුදා මාර්ග බාධකයේදී වෑන් රථයක තිබි පුරා වස්තු සොයා ගැනීමට යොදා ගන්නා ස්කෑනර් යන්ත්‍රයක් සමඟ සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගත්බව පොලිසියි පවසයි.

ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගයට අයදුම්පත් කැඳවයි

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය ඊයේ (27) රජයේ ගැසට් පත්‍රයෙහි ප්‍රසිද්ධ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

මහමාන්කඩවල නිවසක හදිසියේ ඇති වු ගින්නකින් තිදෙනෙකු මරුට

අනුරාධපුර, ඇලයාපත්තුව මහමාන්කඩවල,වැවපාර ප්‍රදේශයේ නිවසක අද(27) අළුයම සිදුවු හදිසි ගින්නක් හේතුවෙන් මව,දියණිය හා පුතා පිලිස්සි මිය ගොස් ඇතැයි ඇලයාපත්තුව පොලිසිය පවසයි.

ඇමති ප්‍රසන්නගේ උඩුගම්පල කාර්යාලය යළි මහජන සේවයට විවෘත කෙරේ

අරගලකරුවන් ගිනි තබා විනාශ කළ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උඩුගම්පල කාර්යාලය යළි මහජන සේවයට අද (27) දින විවෘත කිරීම කෙරේ.

නව වන පාර්ලිමේන්තුවේ තුන් වන සැසිවාරය අවසන් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

නව වන පාර්ලිමේන්තුවේ තුන් වන සැසිවාරය අද (27) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් නිකුත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

රටේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින බව ජනපති සර්ව පාක්ෂික හමුව අමතමින් කියයි

ජනාධිපතිවරයාට හිමි විධායක බලතල අනුව රටේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීමට තමන් බැඳී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

යල කන්නයේ හෙක්ටෙයාර් එකකින් වී කිලෝග්‍රෑම් 3207ක අස්වැන්නක් – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

2022 යල කන්නයේ දී හෙක්ටෙයාර් එකකින් වී කිලෝග්‍රෑම් 3207ක අස්වැන්නක් වාර්තා කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.