20 May 2024

ඇමැතිනි පවිත්‍රා වැඩ අරඹයි

වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යවරිය ලෙස නීතිඥ, පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ (25) සිය ධූරයේ වැඩ ආරම්භ කලේය.

ඉන්දියාවත් – ශ්‍රී ලංකාවත් දෙරටේම අභිවෘද්ධිය උදෙසා සහයෝගයෙන් අත්වැල් බැඳගත යුතුයි – ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල්

ඉන්දියාව 2047දීත්, ශ්‍රී ලංකාව 2048දීත් සමරනු ලබන නිදහසේ ශත සංවත්සරය දක්වා වූ ගමනේදී දෙරට සහයෝගීතාවයෙන් සහ එක්ව ඉදිරියට යාම ඉතා වැදගත් බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ පවසයි.

පොලිසියේ අයට ඇති ප්‍රශ්ණ අඩු කල යුතුයි – රාජ්‍ය ඇමැති ටිරාන්

පොලිස් නිලධාරීන්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් කරගන්න නම් ඉස්සෙල්ලා ඔවුන්ට තියෙන ප්‍රශ්නත් බලලා විසඳන්න ඕනෑ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

ගොයම් කහපැහැ වීමේ ගැන වාර්තාවක් කෘෂි ඇමැති අමරවීරට

ශ්‍රී ලංකාවේ මහ කන්නයේ වී වගාව ආශ්‍රිතව ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වන ගොයම් කහ පැහැ වීමේ තත්ත්වය සම්බන්ධව පසුගිය සති දෙකක් තුළ එම දෙපාර්තමේන්තුව විසින් කරන ලද නිරීක්ෂණයන් අනුව ඊට අදාල වාර්තාවක් ඊයේ (24) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත ඉදිරිපත් කල බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ජපන් රජයෙන් මෙරටට එන්නත් ගබඩා කිරීමට අධි තාක්ෂණික ශීත කාමර 13 ක්

නිසි උෂ්ණත්වයෙන් යුතුව දීර්ඝකාලීනව එන්නත් ගබඩා කළ හැකි අධිතාක්ෂණික එන්නත් ගබඩා ශීත කාමර (walk-in cold rooms) 13 ක් මෙරට සෞඛ්‍ය පද්ධතියට ජපන් රජය විසින් ඊයේ (24) පරිත්‍යාග කෙරිණි.

නව මහ කොමසාරිස්වරියක්, තානාපතිවරයෙක් සහ සභාපතිවරු දෙදෙනෙක් පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

නව මහ කොමසාරිස්වරියක්, තානාපතිවරයෙක් සහ සභාපතිවරු දෙදෙනෙක් පත් කිරීම් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය පසුගියදා (20) හිමි වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

පළාත් පාලන ඡන්ද විමසීම ඉතා සාර්ථකව ඉදිරියට කරගෙන යනවා – මහලේකම් සාගර

පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් විපක්ෂය විවිධාකාරයේ අසත්‍ය ප්‍රකාශ නිකුත් කළ අතර ඒ සියලු කාරණා අසත්‍යයක් බවට පත් කරමින් මේ වන විට පළාත් පාලන ඡන්ද විමසීමේ කටයුතු ඉතා සාර්ථකව ඉදිරියට කරගෙන යන බවට පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව පිරිසිදු හරිත නගර ගොඩනැංවීමේ වැඩසටහනක්

හරිත ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ වගකීම තාරුණ්‍යයට පවරමින් 75වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව “පිරිසිදු හරිත නගර” ගොඩනැංවීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ.

කිතුල්ගල වයිට් වෝටර් රාෆ්ටින් ක්‍රීඩාව ආශ්‍රිතව මතුව ඇති ගැටළු සොයා බැලීමට කමිටුවක්

බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘතිය හේතුවෙන් කිතුල්ගල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන ලෝකප්‍රකට ක්‍රීඩාවක් වන වයිට් වොටර් රාෆ්ටින් (white water Rafting) ජල ක්‍රීඩාව ආශ්‍රිතව මතුව ඇති ගැටළු සොයා බලා ඊට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා කමිටුවක් පත්කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා උපදෙස් දුන්නේය.

  නීති විරෝධී විදුලිය ලබාගැනීම්වලට එරෙහිව වැටලීම් 1,302 ක් – ලංකා විදුලිබල මණ්ඩලය

2022 වර්ෂය තුළ ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය දිවයින පුරා සිදුකල නීති විරෝධී විදුලිය ලබාගැනීම් වලට අදාලව රුපියල් 75,080,652.57 ක් අයකර ගැනීමට සමත් වී ඇත.