9 May 2024

පාර්ලිමේන්තුව හදිසියේ කැඳවන්න පුළුවන් අගමැතිටයි – කථානායක

පාර්ලිමේන්තුවේ හදිසි රැස්වීමක් කැඳවීම පිළිබඳ ඉල්ලා සිටීමේ බලය ඇත්තේ අගමැතිවරයාට බැවින් ඒ සම්බන්ධව ඉල්ලීම අගමැතිවරයා වෙත යොමු කිරීම වඩාත් යෝග්‍ය බව කථානායක කාර්යාලය පවසයි.

පෞද්ගලික පංති නිසා අද නිර්මාණශිලිත්වයට ඉඩක් නෑ – ඇමැති මංගල

පෞද්ගලික පංති මත පදනම් වූ අධ්‍යාපනය ක්‍රමය තුළ කිසිදු නිර්මාණශීලිත්වයකට ඉඩක් නැති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. වහලුන් සේ අධ්‍යාපනය ලබමින් විශ්වවිද්‍යාලය වෙත පිවිසීම හැර රාමුවෙන් පිටට ගොස් නව නිර්මාණ බිහි කිරීමට එමගින් දරුවන්ට අවස්ථාව හිමි නොවන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අමාරුවේ දන්නේ නෑ …. බය වෙන්න එපා …. ! – ඇමැති වජිර

ඩොලරය රුපියල් දෙසීයට ගිය ද කලබලවිමට අවශ්‍ය නොමැති බවත් ඇමෙරිකාව තමන්ගේ ඩොලරය බලසම්පන්න කරන බවත් එය මුළු ලෝකෙටම බලපාන ප්‍රශ්නයක් බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

සුසන්තිකාට ක්‍රිඩා අමාත්‍යංශයේ තනතුරක්

ජාතික ඔලිම්පික් ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මිය ක්‍රීඩා අමාත්‍යාංශයේ “ක්‍රීඩා ප්‍රවර්ධන උපදේශක” තතතුරට පත් කර ඇති බව ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.  එම පත්වීමට අදාළ වැඩ භාර ගැනීම හෙට (28) දින ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිදු කෙරෙනු ඇත.

මිසිස් ඕෂන්ඩ් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2018 පළමුවටයේ තරගාවලිය උත්කර්ෂවත් අන්දමින් ගලධාරියේදී සැමරේ

මිසිස් ඕෂන්ඩ් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2018 පළමු වටයේ තෝරාගැනීම පසුගිය 23 වනදා සිදු කර තිබේ. එම අවස්ථාවට ප්‍රවිණයින් රැසක් සහභාගි වී ඇත.

ලෝක සංචාරක දිනය නිමිත්තෙන් E-Transformation mobile හඳුන්වා දෙයි

ලෝක සංචාරක දිනය නිමිති කරගෙන මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් හඳුන්වා දෙන E-Transformation mobile යෙදවුම දියත් කිරීමේ අවස්ථාව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සීගිරියේ දී අද (27) දින පැවැත්විණි.

ජාතික දුම්රිය කෞතුකාගාරය නමින් තවත් හොර ජාවාරමක්

ජාතික දුම්රිය කෞතුකාගාරය (National Railway Museum,) ලෙස නාමකරණය කර දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් නොවන පුද්ගලික සමාගමක් මගින් ජාවාරමක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු මේ වන විටත් ක‍්‍රියාත්මක කරමින් සිටින බව සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය පවසයි.

ඕනෑම අවස්ථාවකදී මුහුණ දීමට හමුදාව සුදානම් – යුධහමුදාපති

සතුරාගේ පැමිණිම නිරන්තරයෙන්ම අපේක්‍ෂා කලයුතු අතර ඒ සඳහා අපගේ සුදානම ඉතා වැදගත්වන බව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

පොහොර භාවිතය ගැන උතුරු හා නැගෙනහිර කෘෂිකර්ම නිලධාරින් දැනුවත් කෙරේ

2018 මහකන්නය සඳහා පොහොර භාවිතා කිරීම සම්බන්ධයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල සියලුම කෘෂිකර්ම නිලධාරින් දැනුම්වත් කිරීම් සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

පෞද්ගලික අහිමිවීම් තිබුණත් එජාප ප‍්‍රතිසංවිධානය සාර්ථකයි – පාලිත රංගේ කියයි

පෞද්ගලිකව යම් යම් දේ අහිමි වුවද එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙල සාර්ථකව සිදු වෙමින් තිබෙන බව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.