20 May 2024

සීමා නිර්ණ පිළිබඳ වාර්තාව ප්‍රමාදය….! ඡන්දය කඩිනමින් කළ යුතුයි ….!

පළාත් සභා මැතිවරණයට අදාල සීමා නීර්ණය පිලිබදව තවදුරටත් පුළුල් ලෙස කරුනු සලකා බලා එකගතාවයකට එලඹීමට අවශ්‍යය බැවින්, සිය වාර්ථාව ඉදිරිපත් කිරීමට තව මාස 02ක පමණ කාලයක් ප්‍රමාද වනු ඇති බවට ඒ සදහා පත්කරන ලද සමාලෝචන කමිටුව කථානායක කරු ජයසුරිය මහතා වෙත දැනුම් දී තිබේ.

ක්‍රිකට් දේශපාලනයට හරවලා ක්‍රීඩාව විනාශ කරනවා …! හිටපු ගෞරවනීය සභාපති මම – තිලංග කියයි

හම්බන්තොට සූර්යවැව ක්‍රීඩාංගනය ඉදිකරමින් සිදු කළ විනාශය නිසා අවුරුදු ගණනාවකට මූල්‍යමය වශයෙන් කඩාගෙන වැටුන බවත් එම වංචාව සොයා බැලීමට නොහැකි වීම පිළිබඳව කණගාටුවන බවත් ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාට මැදිහත් වන ලෙසත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.

සංචාරක දිනය වෙනුවෙන් ඡායාරූප ප්‍රදර්ශනයක් 

OSl Magazine හි ප්‍රධාන ඡායාරූප ශිල්පී තරින්ද ඇල්විටිගලගේ ඡායාරූප ප්‍රදර්ශනය ලබන 27 වනදා ගාල්ල  මධ්‍යම සංස්කෘතික අරමුදලේ සමුද්‍ර කෞතුකාගාරයේදී  පැවැත්වීමට නියමිතයි. 

හරවත් පොත පත කියවීමට ජනතාව ඇබ්බැහි විය යුතු කාලයක් – අධ්‍යාපන ඇමති කියයි 

20 වැනි වරටත් සංවිධානය කරන ලද කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ විවෘත කෙරුණා.  කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම ප්‍රදර්ශනය පවත්වන අතර, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය එය සංවිධාන කර තිබේ. 

ජොන්ස්ටන්ගේ නිදහස වෙනුවෙන් ආශිර්වාද පුජාවක් 

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ආශිර්වාද පතා බෝධී පුජාවක් ලබන 25 වනදා බෞද්ධාලෝක විහාරයේ සිදු කිරීමට කටයුතු යොදා තිබේ.  හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සමිපතයින් කියා සිටියේ මෙම ආශීර්වාද පුජාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන බවයි. 

හිටපු ජනාධිපතිනියට සම්මානයත් 

ප්‍රංශයේ උසස්ම ගෞරව නම්බු නාම සම්මානය සඳහා හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හට හිමිව ඇත. මේ ගෞරව සම්මානය පාත්‍රවන ප්‍රථම ශ්‍රී ලාංකිකයා ඇය වේ. ප්‍රංශ ජනරජයේ ජනාධිපති එමැනුවෙල් මැක්රෝන් වෙනුවෙන් ප්‍රංශයේ ශ්‍රී ලංකාව හා මාලදිවයින තානාපතිවරයා  මේ ගෞරව සම්මානය ප්‍රංශ තානාපති නිවසේ දී විශේෂ උත්සවයක් පවත්වමින් ඊයේ (20 ) ප්‍රදානය කෙරිණි. 

පිඩාවට පත් වුවන්ට කඩිනමින් සහන දෙන්න – ජනපති 

දිවයිනේ දිස්ති‍්‍රක්ක රැසකට බලපා ඇති දැඩි වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීමේ කටයුතු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ උපදෙස් මත මේ වන විට කඩිනම්ව කි‍්‍රයාවට නංවා තිබේ.

ශ්‍රීලනිප ආසන සංවිධායක ධුරය 16 කට්ටියට අහිමි වෙයි 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් ලෙස කටයුතු කළ සුසිල් ප්‍රේමජයන්ත්, චන්දිම වීරක්කොඩි, ටී.බී ඒකනායක, අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මන්ත්‍රීවරු එම ධුරවලින් ඉවත් කර තිබේ. 

දේශීය බඩඉරිඟු ගොවියා දැඩිව ආරක්ෂා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් වැඩපිළිවෙලක්

දේශීය බඩඉරිඟු ගොවියා ආරක්ෂා කිරීම සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග රජය වශයෙන් ගැනීමට සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ වාර්ෂිකව මෙරටට ආනයනය කරනු ලබන බඩඉරිඟු නිසා දේශීය ගොවියා අකර්මන්‍ය වීම වැළැක්වීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (20) දින කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති අවස්ථාවේදිය.

චීනය අතර නව ව්‍යාපාර අවස්ථා පුළුල් කෙරේ – හයිරෝන්ං සමුහයේ සභාපති පාන් ලියෝංග්

චීනය ලෝකයේ කර්මාන්ත ශාලාව බවත් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පුළුල් කිරීමට චීනයෙන් සහාය හිමි වන බව හයිරෝන්ං සමුහයේ සභාපති පාන් ලියෝංග් මහතා පවසයි.