20 May 2024

පාස්කු ප්‍රහාරයේ තෙමස් පූර්ණය සිහිපත් කිරීමේ විශේෂ දේව මෙහෙයට ජනපති එක්වෙයි

පාස්කු ප්‍රහාරයේ තෙමස් පූර්ණය නිමිත්තෙන් මිය ගිය අය සිහිපත් කරමින් විශේෂ දේව පූජාවක් ඊයේ (21) පස්වරුවේ කොළඹ බෞද්ධාලෝක මාවතේ ජීවමාන කිස්තුස් වහන්සේගේ ආසන දෙව් මැදුරේ දී පැවැත්වුණු අතර එම අවස්ථාවට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා ද එක් විය.

එජාප නව පෙරමුණේ සාමාජිකයෙකුවීමේ බලාපොරොත්තුවක් නෑ – දයාසිරි කියයි

එක්සත් ජාතික පක්ෂය එළැඹෙන 05 වැනි දින බිහි කරන නව පෙරමුණෙහි සාමාජිකයකු වීමේ බලාපොරොත්තුවක් තවම නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

රටක් වශයෙන් තාක්ෂණය අතින් ඉදිරියෙන් සිටිය යුතුයි – අගමැති

රටක් වශයෙන් ලෝකයේ තාක්‍ෂණයට වඩා පසුපසින් යන්නේ නැතිව, ඉදිරියෙන් සිටිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 18 වනදා කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද “ශිල්පසේනා” ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

ගොනාට කලින් කරත්තේ දාලා වැඩක් නෑ – ඇමැති පාඨලි

පොදු අපේක්‍ෂකයාට පෙර ප‍්‍රජාතන්ත‍්‍රවාදී පොදු සන්ධානය, රට ගොඩනගන පොදු වැඩපිළිවෙල, රට ගෙනයන පොදු නායකත්වය ප‍්‍රකාශ කළ යුතු බව මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

දැනට 05 ක් ඉන්නවා … අන්තිම වෙනකම් හොයනවා – විපක්ෂ නායක මහින්ද කියයි

අගෝස්තු මස 10 වනදා දින වන තෙක් සුදුසුම පුද්ගලයාව ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අද (20) පස්වරුවේ මහවැලි කේන්ද්‍රයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

දැනට 05 ක් ඉන්නවා … අන්තිම වෙනකම් හොයනවා – විපක්ෂ නායක මහින්ද කියයි

අගෝස්තු මස 10 වනදා දින වන තෙක් සුදුසුම පුද්ගලයාව ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අද (20) පස්වරුවේ මහවැලි කේන්ද්‍රයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මරණ දඩුවම ක්‍රියාත්මක කළ යුතුයි – මත්ද්‍රව්‍ය විරෝධි ජාතික ව්‍යාපාරය

මරණ දණ්ඩණය ලබාදීම අහෝසි කිරීමට යහපාලන රජය පාර්ලිමේන්තුවට පනතක් ගෙන එන බවත් අද රටට ජාතික අභියෝගයක් වී තිබෙන මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රටේ අනාගත පරපුර වැනසෙන බවත් එනිසා වහාම මරණ දඩුවම ක්‍රියාත්මක කළ යුතු බවත් මත්ද්‍රව්‍ය විරෝධී ජාතික ව්‍යාපාරය පවසයි.

ඇමැතිවරුන්ට විනයක් අවශ්‍යයි – ආංශු මාරසිංහ කියයි

රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්දයෙන් එළැඹෙන සදුදා දින පැවැත්වෙන ආණ්ඩු පක්ෂ රැස්වීමේදී සාකච්ඡා කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආංශු මාරසිංහ මහතා පවසයි.

බැඳුම්කර සිද්ධියට සම්බන්ධ 8කට අධිචෝදනා භාරදීමෙන් පසු විශේෂ මහාධිකරණයෙන් ඇප

මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ නඩුවේ විත්තිකරුවන් අට දෙනෙකුට අද(19) අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.

5 ශිෂ්‍යත්වය අගෝස්තු 4 සහ අ.පො.ස උසස් පෙළ විභාගය අගෝස්තු 5 ඇරඹෙයි

මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය 2019 අගෝස්තු මස 05 දින සිට අගෝස්තු 31 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් සියලු කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.