17 May 2024

කතෝලික පාසල් ලබන 21 නිවාඩුයි .. විනාඩි 2 ක නිහඬතාවයක යෙදෙන්නැයි ඉල්ලීමක්

එළැඹෙන 21 වනදා දිවයින පුරා පිහිටි සියලු කතෝලික පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුහ.

අලුත් අවුරුද්දේ වැඩ ආරම්භ කිරීම අගමැතිගේ ප්‍රධානත්වයෙන්

සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල කාර්යාල කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී ආරම්භ විය.

මිලියන 349 ආදායමක් ලැබුණු බව ඇමැති ජොන්ස්ටන් කියයි

උත්සව සමයේ ගත වූ දින 11 ක් තුළ දී අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 349 ක ආදායමක් උපයා ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොනස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

රුක් රෝපණය සදහා යොමුවීම ජාතික වගකීමක් – ඇමැති ඩලස්

රටේ පරිසර දූෂණයට වැඩිවශයෙන්ම දායකත්වයක් සපයන්නේ විදුලිබල ක්ෂේත්‍රය සහ ප්‍රවාහන ක්ෂේත්‍රය බවත්, ඒ පිළිබදව සැලකිළිමත් වෙමින්, පරිසර සුරක්ෂිතතාව වෙනුවෙන් රුක් රෝපණය සදහා යොමුවීම ජාතික වගකීමක් බවත්, විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

කොළඹ වරාය නගර කොමිසම් සභා පනතට එරෙහි පෙත්සම් සලකා බැලීම ඇරඹේ

කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් සලකා බැලීම අගවිනිසුරුවරයා ඇතුළු ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද (19) ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ විය.

ආගම, ජාතික සහ භාෂාව පෙන්වා කාටවත් හිරිහැර කරන්නට එපා – අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත්

තම දේශපාලන බලය ශක්තිමත් කිරීමට උත්සහ කරනු ලැබු පිරිසක් විසින් ආගමික අන්තවාදය අතකොළුවක් කරගෙන පාස්කු ප්‍රහාරය එල්ල කළ බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුහ.

රටක් විදිහට සැමරිය යුතු දේවල්වලට බිල්ලෝ මවන්න එපා – අධිකරණ ඇමැති අලි සබ්‍රි 

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳ අප රටක් වශයෙන් සතුටු විය යුතු බවත් ඇතැම් පිරිස් එය බොරු බිල්ලෝ මවමින් කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසයි.

විජයදාස කියන්නේ බොරු බව ඇමැතිනි පවිත්‍රා කියයි

විජයදාස රාජපක්ෂ මන්ත්‍රිවරයා පසුගියදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධව අභූත චෝදනාවන් නැගූ බව බව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිඅරච්චි මහත්මිය පැවසුවාය.

කොළඹ වරාය නගර තුළත් ක්‍රියාත්මක වන්නේ රටේ සාමාන්‍ය නීතිය බව ඇමැති මහාචාර්ය ජී.එල් පිරිස් කියයි

කොළඹ වරාය නගරය තුළ කිසියම් අපරාධයක් හෝ නීති උල්ලංඝනයක් සිදු වුවහොත් ඒ පිළිබඳ රටේ සාමාන්‍ය නීතිය යටතේ ක්‍රියාත්මක වෙන්නට පොලිසියට සහ හමුදාවට පුළුවන් බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.