16 May 2024

NMRA දත්ත මැකියාම හොරකමේ අතරමැදි අවස්ථාවක් – රවි කුමුදේශ්

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීම හොරකම අතරමැදි අවස්ථාවක් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

සයිනොෆාර්ම් ප්‍රධාන කාර්යාලය නැරඹිමට තානාපති ආචාර්ය පාලිත යයි

සීමාසහිත සයිනොෆාර්ම් බීජිං ජීව නිෂ්පාදන ආයතනයට (CNBG) නිරික්ෂණය සඳහා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා සහ තානාපති කාර්යාල නිලධාරින් පසුගිය 23 වනදා ගොස් ඇති බව විදේශ අමාත්‍යංශය පවසයි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ක්‍රීඩාංගන කිහිපියක් ඇමැති නාමල් අතින් විවෘත කෙරේ

මඩකලපුව දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ක්‍රීඩාංගණ වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ මූලික අදියරේ ප්‍රතිසංස්කරණය කෙරනු වන්දරාමුණේ ඩයමන්ඩ්ස් ක්‍රීඩාංගණය, මිරංගනී පාතාත් ක්‍රීඩාංගණය, කොට්ටයික්කල්රු ක්‍රීඩාංගණය. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පසුගිය 23 වනදා විවෘත කරන ලදී.

විගමනික ශ්‍රමිකයන්ට PCR පරීක්ෂණ සඳහා වැය වන මුදල් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන්

විදේශ රැකියාවන්හි නිරතව ශ්‍රී ලංකාවට පැමිණෙන විගමනික ශ්‍රමිකයන්ට ගුවන් තොටුපොළේ සිදුකෙරෙන PCR පරීක්ෂණ සඳහා වැය වන මුදල් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ගෙවීමට කටයුතු කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

දේශීය ඖෂධ මංජුසාව නොමිලේ නිවෙස් වෙත බෙදාදීමට කොවිඩ් මර්ධන විශේෂ කමිටුවේදී අවධානය යොමු වෙයි

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග රට යළි විවෘත කිරීමේ දී පැනවිය යුතු සෞඛ්‍ය නිර්දේශ හා සීමාවන් පිළිබඳ පූර්ණ සැලැස්මක් සකස් කිරීමට කොවිඩ් මර්දන විශේෂ කමිටුව තීරණය කරයි.

මහනුවර ජාතික රෝහලේ නව කොවිඩ් ප්‍රතිකාර ඒකකය ලබන 26 වනදා විවෘත කෙරේ

මහනුවර ජාතික රෝහලේ ඉදි කෙරුණු නව කොවිඩ් ප්‍රතිකාර ඒකකය එළැඹෙන ඉරිදා (26) පෙ.ව. 9.30 ට සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතින් විවෘත කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

පුද්ගලික අංශය හෝ රාජ්‍ය අංශය වෙළඳාමෙන් පාරිභෝගික ජනතාව සූරා කන්න හොඳ නැහැ – රාජ්‍ය අමාත්‍ය රොෂාන්

පාරිභෝගික ජනතාවට භාණ්ඩයකට සාධාරණ මිලක් ලැබෙන්නේ රාජ්‍ය අංශයත් පෞද්ගලික අංශයත් එකතුවෙලා කටයුතු කළොත් පමණ යැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

ළමුන් සඳහා වන එන්නත්කරණය ආරම්භ කෙරේ – සෞඛ්‍ය ඇමැති

ළමුන් සඳහා වන එන්නත්කරණ වැඩපිළවෙල ඔක්තෝම්බර් අවසානය වන විට සිදු කර අවසන් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

සතොසට මසකට සැමන් ටින් ලක්ෂ 04 ක්

ස.තො.ස ට සැමන් ටින් ලක්ෂ 04ක් මසකට සැපයීමට ටින් මාළු නිෂ්පාදකයින් පොරොන්දු වු බව ධිවර අමාත්‍ය දේවානන්දා පවසයි.

රටේ සංවර්ධන මෙන්ම රටේ ආර්ථිකය ඉහළ නංවනවා – ඇමැති නාමල්

දිවයින පුරා සිදු කෙරෙන සංවර්ධන ක්‍රියාවලියට සමගාමීව රටේ ආර්ථිකය ඉහළ නැංවීමට සුවිශේෂී වැඩපිළිවෙලක් තිබෙන බව තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.