9 May 2024

ජනපති ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් වෙත ළඟා වෙයි

COP :26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගීවීම සඳහා එක්සත් රාජධානිය බලා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් වෙත ළගා වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

දිවයිනේ සියලුම පාසල් හි සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති නොවැම්බර් 08 ආරම්භ වේ

දිවයිනේ සියලුම පාසල් හි 10, 11, 12 සහ 13 ශ්‍රේණි වල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සඳහා කොවිඩ් මර්ධන කමිටු නිර්දේශ ලැබී ඇති අතර, ඒ අනුව නොවැම්බර් මස 08 වන දින සිට ඉහත ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කොට ඇත.

ඇමති සුදර්ශිනීගේ ජන්ම දිනය වෙනුවෙන් විහාර මන්දිරයකට මුල්ගල තබයි 

බෝලවලාන, ජනජයගම ශ්‍රී ජයසුදර්ශනාරාම විහාරස්ථානයේ නව විහාර මන්දිරය සදහා මුල්ගල තැබීම ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සුරතින් ඊයේ (29) දින සිදුවිය.

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීමට ජනපති දිවයිනෙන් පිටත්ව යයි

එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් හි පැවැත්වෙන COP : 26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (30) අළුයම දිවයිනෙන් පිටත්ව ගියේය.

රුසියාව තුල සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික අත්කම් නිර්මාණ ප්‍රවර්ධනයට

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් “Traditional Masks and Figures of the World” නමැති ජංගම Club-Museum-Lecture Hall වෙත ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෙස් මුහුණු එකතුවක් පිළිගන්වන ලදී.

හෘද සාක්ෂිය තඩි ගලකට ගැටගහලා වතුරට ඔබාගෙන ඉන්න අපිට බෑ – ඇමැති විමල්

යුගදනවි බලාගාරයට ගෑස් සැපයිමට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය තුළ සාකච්ඡාවට ලක් නොවූ බවත් එය හොරට, තක්කඩිකමින් ගෙන ආ දෙයක් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.