17 May 2024

මානව අවශ්‍යතා සමග පරිසරය සමබර කර ගැනීමේ වැදගත්කම ශ්‍රී ලංකාව මනාව වටහාගෙන සිටිනවා – ජනපති

බුදුන් වහන්සේගේ ඉගැන්වීම අනුව හැඩගැසුණු පොහොසත් දාර්ශනික උරුමයක් සහිත ශ්‍රී ලංකාව මානව අවශ්‍යතා සමග පාරිසරික පරාසයන් සමබර කර ගැනීමේ වැදගත්කම මනාව වටහාගෙන සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ක්‍රීඩාව හරහා ක්‍රීඩකයා තුළ නිර්මාණය වන විනය රටේ සංවර්ධනයට සෘජුවම බලපානවා – ඇමැති නාමල්

ක්‍රීඩාව හරහා ක්‍රීඩකයා තුළ නිර්මාණය වන විනය රටේ සංවර්ධනයට සෘජුවම බලපාන බව තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

රටේ ස්වෛරීත්වය තුට්ටු දෙකට විකුණන්න ඉඩ දෙන්නෙ නෑ – විපක්ෂ නායක සජිත්

පහුගිය කාලේ කතා කළ දේශානුරාගය දේශප්‍රේමය ස්වෛරිත්වය යන කතා සියල්ල මේ වන විට අහෝසි වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රෙජිස්ටාර් තනතුර සමඟ සාමදාන විනිශ්චයකාරකම පිරිනමන්න – අගමැති

රෙජිස්ටාර් තනතුර ලබා දීමේ දී සාමදාන විනිශ්චයකාරකම පිරිනැමීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (26) රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාට උපදෙස් දුන්නේය.

යුද්ධයට දිවි දුන් රණවිරුවන් සිහි කරමින් අග්‍රාමාත්‍යවරයාට පොපි මල පළඳවයි

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයෝ ඊයේ (26) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සංකේතාත්මකව පොපි මල පැළඳවුහ.

මේඩ් ඉන් ශ්‍රී ලංකා” සන්නාමය සහිත වාහන අපේ මහ පාරේ ගමන් කිරීම වැඩි ඈතක නෙමෙයි – කර්මාන්ත අමාත්‍ය විමල්

සම්මත මෙහෙයුම් පටිපාටිය(SOP) හඳුන්වාදීමත් සමග මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ නියැලී සිටින ආයතන දේශීය අගය එකතු කිරීම ඉහළ දමමින් සිටින බවත් ඉන් කියැවෙන්නේ ශ්‍රී ලංකාවේ අපට වාහන නිපදවීමේ කර්මාන්තය කළ නොහැක්කක් නොවන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

මෙරට ජනතාවට බුස්ටර් එන්නත‍ නොවැම්බර් 01 දා සිට – සෞඛ්‍ය අමාත්‍යංශය

මෙරට පුරවැසියන්ට බුස්ටර් එන්නත් මාත්‍රාව එළඹෙන නොවැම්බර් 01 වන දා සිට ලබා දීම ආරම්භ කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ක්ෂය රෝගය පාලනයට ශ්‍රී ලංකාව සමත් වෙයි – සෞඛ්‍ය ඇමති

ශ්‍රී ලංකාව සිය බහු ආංශික උපාය මාර්ග ඔස්සේ මෙරට ක්ෂය රෝගය පාලනය කිරීමට සමත් වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයට පවසයි.

එක් රටක් එක නීතියක් ජනාධිපති කාර්යය සාධක බළකායක් පත් කෙරේ

එක රටක් එක නීතියක් සඳහා ජනාධිපති කාර්ය සාධක බළකාය සඳහා ගැසට් නිවේදනය ජනාපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ (26) ප්‍රකාශයට පත් කෙරුණි.