9 May 2024

කිසිවිටෙකත් ත්‍රස්තවාදයට ඉඩක් නෑ .. යුතුකම් ඉටුකරන බව අගමැති කියයි

ඉදිරියටත් කිසිවිටෙකත් ත්‍රස්තවාදයට ඉඩ නොදෙමින් රටේ ජනතාවට නිදහසේ නිවහල්ව තමන්ගෙ ආගම ඇදහීමට ජීවත්වීමට පියවර ගැනීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

සිරුරට ගිනි තබා ගනිමින් අයෙකු මරුට

කයිට්ස් , පුංකුඩතිව් ප්‍රදේශයේ ඊයේ (28) දහවල් කාලයේදී සිරුරට ගිනි ඇවිලි පිළිස්සුම් තුවාල සහිත අයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

වර්තමාන රජයට එල්ල වන චෝදනා තාවකාලිකයි -ඇමැති ඩග්ලස්

වර්තමාන රජය කෙරෙහි ජනතාව තුල මතුව ඇති අප්‍රසාදය තාවකාලික බවත් පැවති යුද්ධය හා රට තුලට පැමිණි කොරෝනා උවදුර මර්දනය කල ආකාරයට මෙම අප්‍රසාදය ජයග්‍රහණය කිරීමට ජනාධිපතිවරයාට හැකියාව ඇති බව තමන් තුල දැඩි විශ්වාසයක් පවතින බවද ප්‍රකාශ කළේය.

සේවය නිමවා සිය රට බලා පිටත්ව යාමට නියමිත ඇමරිකානු තානාපතිනිය ජනපති හමු වෙයි

සේවය නිමවා සිය රට බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් (Alaina B. Teplitz ) මහත්මිය අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූවාය.

පරම්පරා ගණනක් අඳුරේ සිටි උඩගල දෙබොක්ක හා ගල මුදුන ගම්මානයට විදුලිය ලබා දෙනවා – රාජ්‍ය ඇමැති දුමින්ද

පරම්පරා ගණනක් අඳුරේ සිටි ජීවිත අලෝකමත් කරමින් පුනර්ජනනීය බලශක්තිය හරහා මිනිපේ මැද කැලේ, උඩගල දෙබොක්ක හා ගල මුදුන ගම්මානයට විදුලිය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

පෞද්ගලික බස් රථ සේවා ආරම්භ කිරීමට ලබා දියහැකි සහන ලබා දෙන්න – ඇමැති පවිත්‍රා

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් වසර එකහමාරකට පමණ ආසන්න කාලයක් පුරා අකර්මන්‍ය වූ පෞද්ගලික බස් රථ කර්මාන්තය නැවත ආරම්භ කිරීම සඳහා එම බස් රථ හිමියන්ට ලබාදිය හැකි සියලුම සහනයන් ලබාදෙන ලෙස ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය, ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතාට සහ අදාල නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

ක්ෂේත්‍ර රාජකාරී සඳහා අත්‍යාවශ්‍ය වාහන 164ක් ජනපති අතින් රාජ්‍ය ආයතනවලට

ක්ෂේත්‍ර රාජකාරී සඳහා අත්‍යාවශ්‍ය ගිලන් රථ 50ක් , ජල බවුසර් 52ක්, ඩබල් කැබ් රථ 62 ක් ඇතුළු වාහන 164ක් සංකේතාත්මකව අදාළ අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන වෙත භාරදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ශ්‍රී ලාංකික මොඩලයකට ප්‍රාථමික සෞඛ්‍ය නැංවීමට සැලසුමක් රාජ්‍ය ඇමති සුදර්ශිනී සමග GMOA සාකච්ඡාවක

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ඵලදායි ලෙස සංවර්ධනය කිරීමට අනන්‍ය වූ වැඩපිළිවෙලක් සැකසීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් මූලික සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවැත්විණි.

ගොවි අයිතීන් ව්‍යවස්ථාවට ඇතුල් කරනවා – විපක්ෂනායක

අපේ රටේ ව්‍යවස්ථාවන් නිර්මාණය කරන විට ජනාධිපති ගේ බලය අඩුවැඩිවන හැටි හෝ අගමැතිගේ අඩුවැඩි හැටි ගැන අවධානය යොමු කළ ද කිසිදිනක ගොවි ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ව්‍යවස්ථාව තුල මූලික අයිතිවාසිකම් නීති රෙගුලාසි ගෙන ඒමට කටයුතු කොට නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.